
(අංජුල මහික වීරරත්න)
ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර සාකච්ඡාවක් ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති කලීෆා මහතා මෙහිදී පැවසුවේය.
ඒ අනුව ක්‍රීඩාව ද වඩා හොඳ තලයකට පැමිණෙන බව තමන්ට විශ්වාස බව ඔහු සඳහන් කළේය.
පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්
fairoos Saturday, 05 April 2025 12:00 PM
මුස්ලිම් රටවලින් නම් අපිට මුකුත් එපා. මොනවට එනවද කවුද දන්නේ... නේද අපේ හාමුදුරුවනේ...!