(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත.
ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇත.
පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් මෙම පිහිටුවීමට යෝජනා වී ඇත.
විදුලිය ජනනය සඳහා පිහිටුවනු ලබන සමාගම් දෙකෙන් එකක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහා ද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහා ද පිහිටුවීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.
එම සමාගම් රජයට බරක් නොවී ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාමට ද යෝජනා වී ඇත.
විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ.
ඉන්ධන ,විදුලිය සහ ජලය සඳහා පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම වෙනුවට, විදුලිය සඳහා වෙනම මහජන උපයෝගීතා කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර ,විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
COMMENTS
කෑලි අටම පුද්ගලික අංශයට දෙන්න. තවදුරටත් දේශපාලුවන්ගේ, ඉංජිනේරුවන්ගේ හොරකම් ජනතාවට දරාගන්න බෑ...
සියලුම දේවල් පුද්ගලීකරණය කරන්න. අල්ලස්, දූෂණ අවමකිරීමටත්, කාර්යක්ෂමතාවය වැඩිකිරීමටත් හේතුවේවි...!
කරුණාකර මේ සමාගම් පිටරටවලට දෙන්න. ලංකාවේ එවුන්ව ගාවාගන්න එපා. එතකොට ඩොලර් ප්‍රශ්නයත් ගොඩක් දුරට විසඳෙනවා.
කෑලි නෙවෙයි කුඩුකරලා හරි හොරකම් නතර කරන්න ඕනෑ. නැත්නම් ජනතාව මැරෙන්නේ විදුලි බිල් ගෙවලා...
පුළුවන් නම් පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරලා ජපන් අගමැතිවරයෙක් යටතේ පුද්ගලික පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. එතකොටවත් වැඩක් වෙයි රටට...
කෑලි කඩලා, කුඩුකරලා, දියකරලා රාජපක්ෂ පවුලේ ඔලුවේ ගාන්න. රට සුවවෙනවා අනිවාර්යයෙන්ම...
බලශක්තිය පුද්ගලීකරණය කරලා කම්පැනි වලට ඕනෑ විදියට රට පාලනය කරන කොට තේරුම් යයි ආවට ගියාට රටේ හදවත වගේ වැදගත් බලශක්තිය විකුණන එකේ රඟේ... ලෝකයේ බලශක්තිය විකුණපු රටවල්වලට අද වෙලා තියෙන දේට හොඳ උදාහරණයක් නේපාලේ... ඕනෑතරම් රටවල් බලශක්තිය රජයේ තියාගෙන කාර්යක්ෂමතාවයෙන් සේවය සපයනවා. රජය යටතේ තියෙන කොට හැම එකම පාඩුනම්, විකුණන එකනම් විසඳුම රජයක් ආණ්ඩුවක් ඕනෑත් නෑ ඒකත් පිටරට කොම්පැනිවලට දුන්නාම ඉවරයි. කරන්න ඕනෑ විකුණන එක නෙමෙයි... හරි මිනිස්සු පාලනයට පත් කරගන්න ඕනෑ. මේ හොරු රැල එක්ක රට විකිණුවත් ලැබෙන දෙයක් නෑ. හරියකට දේශිය හාල් මාෆියාවත් පාලනය කරන්න බැරි ආණ්ඩුවක් පිටරට කොම්පැනි බලශක්තිය පාලනය කරන්න ගත්තාම මොකද වෙන්නේ...? මෝඩකමට විකුණන එක හොඳයි කියලා අනාගත පරම්පරාවගේ ජීවිත විනාශ කරන්න එපා...
විකුණලාම දාන්න තනි හොරු... ඔයවගේ ඉන්න නිලධාරීන්... ඒ නිසා තමයි ඕවා පාඩු...!
ඔය තැන්වල ඉන්න හොර දූෂිතයින් ඉන්නකම් වැඩක්වෙන එකක් නැහැ.
ආණ්ඩුවේ ආයතනවල ලාබ ගැන හොයන්නේ නෑ. උපාසකයෙක් ගියත් හොරකම් කරනවා. රටේ හැම එකාම හොරු... පුද්ගලික ව්‍යාපාර ඒවාට වැට බදිනවා. වෘත්තීය සමිති කාරයින් දේශපාලකයින් එක්ක හොරාකනවා. අවුරුදු 72ක් තිස්සේ රාජ්‍ය ව්‍යාපාර රටේ මුදල් කාබාසිනියා කළා. පුද්ගලික ව්‍යාපාර ලාබ ලබනවා. බලශක්තිය පුද්ගලික කරලා වැටුණු රටක් කොහේද තියෙන්නේ...? මේ වැඩේ 2002 කළා නම් අද රට කොරියාවේ ගාණට ඇවිත්..!
විදුලි බල මණ්ඩලය කෑලි කරලා හිතවතුන්ද විකුණා දැමීමට පස්සේ මේකේ කොමෙන්ට් දාන අයට තේරුම්ගත හැකි වෙයි ඒකෙ බරපතල තම. ලයිට් බිල් 70% වැඩි වුනාට කිරි පිටි මිල වැඩි වුණේ 200% විතර. ඔය ඕනම ආයතනයක් වික්ක කියලා ඒකේ ඉන්න වුනාට හානියක් වෙන්නෑ. වෙන්නෙ අපටමයි. ගත්ත මුදලාලිට එයාගෙ කොටස ලැබෙනවනම් වෙන දෙයක් හොයන් නෑ. ඉන්න වුන් ඔක්කොම මුදලාලිත් එක්ක එකතුවෙලා අපේ බිල් වැඩිකරනවා. මේකට ගොඩක් dislike වැටෙයි. හැබැයි ටික කාලයක් යනකොට වියත් මග වාගේ වෙනවා. පෙන්නන දේට වැඩිය කල්පනා කරලා බලන්න.
ඔයා මොනවා කලත් ලංකාව දැන් ගොඩ ගන්න බැහැ
නැවත නම් අවුරුදු 50ට වැඩි කාටවත් ඡන්දයක් දෙන්නේ නෑ...
කෑලි කඩකඩ ඉන්න දෙයක් නෑ. ඕක කුඩු කරලා විකුණලා දාන්න. අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරන රාජ්‍ය ආයතන. ඔව්වා තිබුණොත් වෙන්නේ රට තවත් වලපල්ලට යන එකයි...!