(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.
2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.
ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ වැඩිම පොලී ගෙවන රට බවට පත්විය. රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව මහ බැංකු වාර්තා හෙළිකරයි.
2020 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලෙබනනය පළමු ස්ථානයට පත්ව තිබිණ. එරට රාජ්‍ය ආදායමෙන් සියයට අනූපහක මුදලක් ණය පොලිය සඳහා ගෙවා තිබිණ.
ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව පෙනී යන්නේ යැයි අතු කෝරළ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 04
553
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට තවත් ’’කප්’’ එකක්