කොළඹ පැවැති ප‍්‍රථම රාත‍්‍රී මෝටර් රථ තරගාවලිය නැරඹීමට පැමිණි පස් දෙනකු අනතුරුවලට ලක්වීමෙන් තුවාල ලබා ජාතික මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් තිදෙනකු ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන අතර දෙදෙනකු රෝහලේ මේ වන විටත් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල කියයි. තරගය අතරතුරදී මෝටර් රථ හා ගැටීමෙන් නරඹන්නන් දෙදෙනකුගේ පාදයකට හා හිසට තුවාල සිදුවිය. එස්. එල්. ජී. ටී. 3500 සුපිරි කාර් ඉසව්වේ ශූරයකු පැවසුවේ නරඹන්නන් ධාවන පථය අසලට විත් තරග නැරඹීමට ගත් උත්සහය නිසා ධාවකයන්ට අවදානමක් සහිතව තරග කිරීමට සිදු වු බවයි. මෝටර් රථ තරගාවලියක් සංවිධානය කිරීමේදී නරඹන්නන්ට සුදුසු ආරක්‍ෂිත ස්ථාන සකසා තිබිය යුතු බවත්, හිතුමතේ නරඹන්නන් ධාවන පථය අසළ රැදී සිටීම සහ ධාවන පථය මතින් ගමන් කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවන බවද ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෑ තරගයේ අනතුරුවලින් පහකට තුවාල
සුජීව Monday, 19 December 2011 12:24 AM
තවම ලංකාවට මේවා ගැලපෙන්නේ නැහැ.