
(අංජුල මහික වීරරත්න)
එච්.අයි.වී / ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එම රෝග කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.
එච්.අයි.වී,ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව යන රෝග ත්‍රිත්වය කළමනාකරණය, වැලැක්වීම සහ පාලනය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ 2002 සිට එච්. අයි.වී ,ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල (GFATM) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 2021 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය යටතේ ක්ෂය රෝගය සහ එච්.අයි.වී, ඒඩ්ස් යන සංරචක දෙක පමණක් ක්‍රියාත්මක කර තිබේ.
ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා වන ජාතික උපාය මාර්ගික සැලැස්මේ සහ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී, ඒඩ්ස් වසංගතය අවසන් කිරීම සඳහා වන 2023-2027 ජාතික උපාය මාර්ග සැලැස්මේ නියමිත ඉලක්ක සහ අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා 2025-2027 ආධාර ප්‍රදාන චක්‍රය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. 2025-2027 කාලය තුළ ක්ෂය රෝග සංරචකය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.97 ක අරමුදල් සහ එච්.අයි.වී, ඒඩ්ස් පාලන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.38 ක අරමුදල් ලබා දීමට එච්.අයි.වී , ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල විසින් එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, එකී ප්‍රදාන අරමුදල් භාවිත කරමින් එකී ව්‍යාපෘති දෙක වෙන් වෙන්ව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝග තුනක් මැඩලන්න ගෝලීය අරමුදලින් ආධාර