
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි.
දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.
ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබීය.
එම කොට්ටාශයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත.
පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ හැසිරවනු ලැබූ පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් ලංකාදීපයට මෙසේ පැවසීය.
මෙම කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා. ඒ අනුව ගොයම් පැල දෙකකට පොලිස් නිල සුනඛයා ට ඉව කිරීමට සැලැස්සුවා ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරත වෙමින්කිලෝමීටර් හතරක පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා.
පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකි නිවස තුලට ඇතුලු වුණා.
ඇතුළු වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට ඇතුළු වී එහි තිබූ ඇඳට ඉව කළ නිල සුනකයා ඇඳ ලඟ බිම වාඩි වුණා අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබලෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා .
එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා ලබාදුන් ඉව අනුවයි පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේද මෙම සැකකරුම බවද පොලිස් නිල සුනඛයා මෙහෙයවු ජයරත්න මහතා වැඩිදුරටත් කීය.
මෙම පොලිස් නිල සුනඛ ඒගල් මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහන් කරයි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාන්චන ගොඩකුඹුර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙසේ ඝාතනය ඝාතනය කර ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේ කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි දනුකා මධුවන්ති 26 හැවිරිදි විවාහකකාන්තාවකි.


COMMENTS
බල්ලාට අපගේ ප්‍රණාමය.
පාස්කු ප්‍රහාරය ????
අනුන්ගෙ වැරදි පුද්ගලික දේවල් සොයා කේලම් කිම බෞඩ්ද පොලිස් නිලදරුවන්ට කල නොහැකි නිසා බල්ල ලවා සොයාගෙන ඇත. එයද බලලුන් ලවා කොස් ඇට බෑවිම නම් කියමනට අදාල වෙනව ( සිරිසේ සහ ෆොන්සේකා ද එම කියමනට ගොදුරු උන බව අපි දන්නව )
කුරහන් සුවඳ හින්දාද මන්දා ෂාෆ්ටර් ඝාතනය පොලිස් බල්ලන්ගේ ඉවටවත් අහුවෙන්නෙ නෑ. "පොලිස් බල්ලන්ගේ" හරිද?
මේ මිනීමරු සැකකරුවා අල්ලා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් සැමටත්, ඒගල් පොලිස් නිළ සුනකයා ටත් ස්තුති වේවා... !!!
පුඩුම සහගතයි මනුස්සයෙකුට කරන්න බෙරි දෙයක් සතුන්ට මිනිස්සුන්ට වගෙ බුද්ධීයක් නෑ කියන්නෙ ලොකු බොරුවක්
බල්ලා හිටියේ නැත්නම් හස්බන්ට බඩුම තමා
සුනඛයාගේ වැඩේ නම් හැටියට කරනවා. එහෙත් පොලිස් නිලධාරීන්ගේ වැඩේ නම් එයාලට හැටියට කරගන්න බෑ. ඇත්තටම පඩි ගෙවන්න ඕනි සුනඛයට මිසක් නිලධාරීන්ට නෙවෙයි.
දැන් කට්ටිය මේ අද හොයාවි ,ඒක තමයි ශ්‍රී ලංකා විලාසිතාව.
ඒගල්ට මුහුදු වතුර ටිකක් ඉව කරවලා සුනාමි හොරාව අල්ලන්න යවමුද…?
ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තොරතුරු නොදෙන එදිනෙදා ඕපදූප පමණක් වාර්තා කරන පුවත්පත් ඇතුළු සියළුම මාධ්‍ය වර්ජනය කරමු.
දූෂිත බලලෝබි දේසපාලුවෝ කරවපු ඝාතන නම් මේ විදියට හොයයිද?
මේ පැත්තෙ මිනිමැරුමක් හොයන්න පොලිස් බල්ලෙක් දැම්මා. බල්ල රින්ගුවේ වැරදි ගෙට. නිකරුනේ මාස ගානක් අහින්සකයෙක් රිමාන්ඩ් වුනා. ඇත්ත මිනිමරුවා අල්ලගත්තෙ රහස් පොලිසියෙන්. ඒ නිසා ඔය බල්ලො ගැනනම් විශ්වාස කරන්න අමාරුයි.
කවුරුත් කතා කරන්නෙ පොලිසියේ සහ පොලිස් සුනඛයාගේ හපන්කම් ගැන විතරයි හමුදා සාමාජිකයා මේ අපරාධයට පෙලඹුනේ මන්ද? කාන්තාවගේ අත වැරදි නැද්ද? ඔහු වෙනත් රූමත් කාන්තාවන් නොමැරුවේ මන්ද?
ඕනෑම වරදක් කරපු කෙනෙකුට දඬුවම් දෙන්න ඕනි නීතියෙන්. කාන්තාව මොන වරදක් කළත් ඒකට නියමිත දඬුවමක් තියනව. ඒකට නිසි අධිකරණයකට යා යුතුයි. නීතිය කාටවත් අතට ගන්න බෑ. බොහොම දෙනා හිතන් ඉන්නේ ඒ අයට යම් සිද්ධියක් වුණාම ඒකට පළි ගත්තම හරි කියලයි. සුනඛයෙක්ගෙ තොරතුරු හරිද වැරදිද කියන්න අමාරුයි. සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕන ඝාතනයට යොදා ගත්ත ආයුධ සොයා ගන්න ඕන. ඒ කෙසේ වෙතත් මේවගේ ම්ලේච්ඡ ක්‍රියා සමාජයෙන් තුන් කල යුතුයි.