
යුක්රේනයේ සරණාගත මධ්‍යස්ථානයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගිනිකොනදිග යුක්රේනයේ පාසල් ගොඩනැගිල්ලක මෙම සරණාගත මධ්‍යස්ථානය පිහිටුවා තිබුණු බව පැවැසෙයි.
රුසියන් හමුදා මෙම ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර නවයක් එල්ල කළ බව ද පැවැසෙයි. රුසියන් යුක්රේන යුද්ධයේදී සිදුවූ දරුණුතම ප්‍රහාරවලින් එකක් ලෙස යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම ප්‍රහාරය හඳුන්වා ඇත.
සපෝරිෂියා පළාතේ කොමිෂුවාකා ප්‍රදේශයේ පිහිටි මෙම පාසල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 50 ක් බව ද පැවැසෙයි. මෙම ගොඩනැගිල්ල යුද්ධයෙන් පීඩාවට පත්වුණු යුක්රේන සිවිල් වැසියන්ගේ සුභසාධන සහ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් තිබුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ගොබ්බයා සහ රුසියානු මිනීමරු, ඒකාධිපති පූටින් අතර ඇතිකර ගත් unholy alliance එක දඩමීමා කරගෙන මිනීමරු පූටින් කෙළවරක් නැතිව අසරණ, නිරායුධ, අහිංසක යුක්රේන ජනතාව සමූලඝාතනය කරගෙන යාම ඇත්තෙන්ම පිළිකුල් සහගතයි. පූටින් ට්‍රම්ප් මගුල නිසා නවතා දැමූ, යුක්රේනයට දුන් ඇමරිකානු අධිතාක්ෂණික යුද අවි අහිමි වීමෙන් සෙලෙන්ස්කිගෙ යුධ බලය, ශක්තිය බොහෝ දුරට අඩුවී තිබෙන නිසා බටහිර රටවල් එම හිදැස පිරවීමට, එකා මෙන් නැගී සිටීම අනිවාර්ය වෙනවා ...