(රන්ජන් කස්තුරි සහ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (15) 204 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (15) රුපියල් 204.68ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 199.80ක් ලෙසත් දැක්විණි.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.7කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
COMMENTS
අපි කතා කල යුත්තේ ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය ගැන නොව, ආනයන අපනයන පරතරය ගැනයි, 1978 ඉදන් අපි රුපියල ශක්තිමත් කලේ පුලුවන් තරන් ණය අරගෙන හා රටේ සම්පත් විකුනල, අනික කෘතිමව රුපියල ශක්තිමත් කලාම ලෝක වෙලදපොලේ අපේ භාන්ඩ වල මිල ඉහල යනව ( ඩොලර් වලින් මිල කරන විට) දැන්වත් ඒක නවත්තමු, අපනයනය වැඩි වෙද්දි ඉබේම රුපියල ශක්ත්මත් වෙයි, චීනෙ වගේ රටවල් තමන්ගෙ මුදල් ඒකකට ඉහල යාම බලෙන් නවත්තන් ඉන්නව තමනගෙ අපනයන භාන්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙන හින්ද, අපි කරන්නෙ ඒකෙ අනෙක් පැත්ත.
විපක්ෂය ඉන්න කොට කිව්වේ මෙහෙම රුපියල බාල්දු වෙන්නේ හරි හමන් නායකත්වයක් නැතිකම කියලා නේ... දැන් එහෙම කියපු අයනේ අගමැති වෙලා ඉන්නේ.. තාම හරි හමන් නායකත්වයක් ලැබිලා නැ වගේ තාමත් රුපියල බාල්දු වෙන්නේ