(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත.
විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව එම වෛද්‍ය වාර්තාව බොරැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මරණයට පත්වූ දැරිය අඩන්තේට්ටම්, පහරදීම් ආදියට ලක්ව නොමැති අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් මතුපිට සම 72% කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වී ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇත.
මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.
එසේම, දැරිය මියගොස් ඇත්තේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.
දුරකතන වාර්තා 06ක්, දැරිය ප‍්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රොහලේ ඇඳ ඉහපත් අංකයට අදාළ වාර්තාවන් සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයෙන් දැරියගේ ගිණුමට මුදල් ලබාදුන් බැංකු වාර්තා ලබා ගැනීම සඳහා පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.
COMMENTS
අනේ ඔකුන් ඔහොමමයි
හත්දෙනෙක් පුලුවන් කියලා තියනවනේ ඒහෙම හිතල දන්නැ . අනේ මුන් වගේ මිනිසු උපරිම දඩුවම් දෙනන ඔනි
විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය යනුවෙන් පෙනි සිටින නෝනාවරුනි මහත්වරුනි. ඔබගේ අවධානය පිණිසයි. සවුදි අරාබියේ මරණයට ලක්වූ රිසානා දැරිය වගේම තවත් අහිංසක දැරියක් නේද මේ? සජිත් ප්‍රේමදාස මහතාණනි, මේ ගැන වහාම ඔබගේ සහ සමගි ජනබල සන්ධානයේ මතය පලකරන්න. අපේ සමාජයෙන් මේ වගේ අපරාධ තුරන්කිරීමේ පින්කමට දායක වන්න.
මිනීමරල හිරේ ගියත් බයවෙන්න දෙයක්නැ. වෙසක් එකට අනීවාරයෙන්ම නිදහස් කරනව.
අනේ ලංකාවට ගිය කලක්... මේ අයට ස්වර්ගයට යන්න ඕනෑ නැහැ එහෙනම්...
මේ සේරම එකතු කරලා තමයි පොදු සංධානේ හදන්න යන්නේ... ?
මේ ලමයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහල් පොලීසියෙන් ප්‍රකාශක් අරගෙන නැද්ද
අද පාර්ලිමේන්තුවේ ගම්මන්පිල ඡන්දේ... බදියුදින්ගේ මංත්‍රී කණඩායම ආන්ඩුවට පක්ශව චන්දේ දීමට තීරනය කරලා.... එමනිසා මෙම දැරිය තමා විසින්ම දූෂනය කරගෙන, තමා විසින්ම ලාම්පුතෙල් හලාගෙන සිය දිවි නසාගෙන........ මේ දවස් වල විදුලිය කැපීම් නිසා කොළඹ 7 ගෙදරක ලාම්පුතෙල් ස්ටොක් කරගෙන ඉදලා... ආදරණීය පුතේ.... ආයෙත් මෙවන් අවාසනාවන්ත ඉරනමකට නුඹ ගොදුරු නොවේවා... මිනීමරුවන් නිරතුරුවම ...මිනීමරුවන් රකින රටක නොඉපදේවා
මේකට ඉතින් තෝරු මොරු අහු වෙයි කියලා හිතන්න ඒපා . යන්නෙ කොහේද මල්ලේ පොල්
"බැලූ බැලූ සැමතැන්හි සලෙළුන් හතර අතේ .. පුංචි දැරිවියන් උන්ගේ රස ගොදුරු වෙතේ .. මේ වැනි අපරාධ මේ රටෙ නිමක් නැතේ .. මේවා කළ උන් සැමදා සතුටින්ම ඇතේ .. "
රිෂාර්ඩ් ගේ ගෝලයෝ ටික ආණ්ඩුවට.කේස් ඒක කුණු මල්ලට ............?
හෙන හතම ගහන්න ඕනේ !!!
ඉතින් ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්න පරක්කු?
බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම තහනම් කිරීමට කටයුතු කළ යුතුයි.
මේ ගැන ළමා අපරාධ විමර්ෂණ පවත්වන්න.
සුළු ජාතීන් විසින් පිහිටුවා තිබෙන්නාවූ දේශපාලන පක්ෂ නායකයින් ඔවුන්ගේ කණ්ඩායම් සමග ඔවුන්ගේ වාසියට එකෙක් රජයයන් සමග එක්වේ. ඔවුන්ගෙන් ලැබෙන්නා වූ දේශපාලන වාසිය සහ ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තුව වැරැදිකරුවා හට දඬුවම් නොලැබී යාමට පවා හැකියාව පවතියි.
බාලවයස්කාර දරුවන් මෙහෙකාර තියා සාමාන්‍ය සේවයේවත් යොදවන ලංකාවේ නීතියෙන් ඉඩක් නැහැ. නමුත් මේ වගේ දේවල් සම්බන්ධව සොයා බලන් ඉන්න නිලධාරීන් නිසි උද්යෝගයෙන් ක්‍රියා නොකිරීමෙන් තමයි මේ තත්වය ඇතිවෙන්නේ. මේ සම්බන්ධව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක විය යුතුයි.
මැදපෙරදිග අපේ සහෝදරියන්ට වෙන්නෙත් මේ වගේ දේවල් තමයි.. මහත්තයෝ, මේක තවම අරාබියක් වෙලා නෑ..
නීතියෙන් හෙළා දකින රටක්!
මුන් ඔක්කොම එකයි. ඉහළම නීතිඥවරයෙක් ගේ ගෙදර, විමල් වීරවංශ ගේ ගෙදර ලමයි අපයෝජනය උනා, මැරුණා. කෝ නීති. තවමත් මුන්ගේ පස්සවල් ලෙවකන ඛයියන්ගෙන් පිරුණු රටක් මේක.
ගනන් ගන්න එපා හිටපු ඇමති කෙනෙක්නෙ
වත්මන් ආණ්ඩුවේ ප්‍රභල ඇමති වරයෙකුගේ නිවසේ මීට බොහෝ කාලයකට ඉස්සර තරුණයෙක් මියගියා කියල දැන් කාටද මතක ?
බදුර්දීන්ට විරුද්ධව කිසිවක් නීතියෙන් වෙන්නේ නැහැ.., එයා මොන පක්ෂයේ හිටියත් එයාගේ සල්ලිවලට හිස නමන අය පොලිසියේත්, දේශපාලනයේත් ඉන්නේ...
සියලු චෝදනා වලින් රිෂාර්ඩ් නිදහස් වෙනවා ස්ථිරයි... මේක ශ්‍රී ලංකාවනේ...