IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රිලව් මරලා දාන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රිලව් මරා දාන්න ලාල් කාන්ත මැතිතුමත් රිලව් මරන්න ඕන බව කියා තිබුණා.මමත් ඒ කතාව අනුමත කරනවා.

අපිට තුන්වේලට කන්න පොල් ඕන.බත් ඕන. මාළු ඕන. ඒවා අපේ ප්‍රධාන ආහාර.රිලා ප්‍රශ්නයට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් හදන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (13)

රිලව් මරලා දාන්න

පිටරැටියා Wednesday, 19 March 2025 05:45 PM

සමහර රටවල් වගාවට හානි කරන සතුන් මරා දැමීම අනුමත කරලා තියෙනවා...

:       13       43

Nihal Wednesday, 19 March 2025 07:54 PM

කුකුලන් මිලියන ගණනින් මරලා කෑවට වඳුරන් මරන එක පාපයක්...!

:       5       35

ලූට මූස්Wednesday, 19 March 2025 08:52 PM

එහෙනං ඔයා ගෙම්බො කනවද?

:       12       5

PGPThilak Wednesday, 19 March 2025 08:53 PM

දේශපාලන මති මතාන්තර අමතක කරමු. රිලා හානියට විසඳුම ගොවියන් සංවිධානය වී ආරක්ෂක හමුදා සහයෙන් වෙඩි තබා අදාල ප්‍රදේශයේ සිටින රංචුවෙන් කීපදෙනෙක් මරා දැමීමයි. ඉතිරි කොටස ඉබේම ගොවිබිම්වලින් වනාන්තරවලට පලා යනු ඇත.

:       8       36

Nandalal de Silva - France Wednesday, 19 March 2025 09:25 PM

ගුඩ් අයිඩියා..... ඕක ඉතින් මැදමුලන රිලා රංචුවෙන්ම පටන් ගන්න, මන්ත්‍රී තුමනි....

:       11       20

පැරකුම් Wednesday, 19 March 2025 10:28 PM

වදුරන් රිලවුන් නැතිවන තෙක් මැරීම අවශ්‍ය නොවේ. බුද්ධිමත් සතුන් බැවින් දෙතුන් දෙනෙක් මැරෙන විට ඒ කලාපයෙන් සදහටම ඉවත්වේ. ගොවි ජනතාව මේ බැව් හොදින් දනී. ඒත් ඔවුනට තුවක්කු නැත.

:       4       25

kdn chandrasiri Thursday, 20 March 2025 03:06 AM

ඔබ කියන කතාව හරියට හරි .ඔය වගේ ම තමා ගංගා ඇල දොළ වල සිටින කිඹුලන් මේ සතුන්ගෙන් වන හිරිහැර එමටයි .එම නිසා ගංගා ඇල දොළ මිනිස් වාසස්ථාන වල සිටිනා කිඹුලන්ද විනාශ කල යුතුයි

:       0       3

Nandalal DE SILVA - France Thursday, 20 March 2025 04:15 AM

පට තුන් වේලට කන්න පොල් ඕන, බත් ඕන, මාළු ඕන" කියන හම්බන්තොට දිලිප් වෙද මහත්තයාට අමතක වූ දෙයක් සිහිපත් කරන්න ඕන.... "අපට තුන් වේලට කන්න පොල් ඕන, බත් ඕන", මාළු නැත්නම් මිරිසට හදපු රසවත් රිලා මස් හොද්දක් හරි ඕන.... ඔන්න වේද මහත්තයෝ, රිලා ප්‍රශ්නය එතනින්ම ඉවරයි නේද???

:       1       3

Perera Thursday, 20 March 2025 07:36 AM

මෙයා කියන විදිහට රිලවුන්ව අමු අමුවේ මරලා දානකොට අර සිංහල බෞද්ධ සබ්යත්වය තියන සත්ව හිංසාව ගැන එතකොට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ ?

:       1       1

Aru Thursday, 20 March 2025 07:59 AM

ඔහොම කියන කෙනා බෞද්ධයෙක්ද ?කෝ ඔහුගේ කරුණාව මෛත්‍රිය ?

:       4       3

ගුණරත්න Thursday, 20 March 2025 08:47 AM

ඔන්න මොළේ ඇති කතාවක්, ඕක කියාගන්න කයියෝ එකෙක්ටවත් පණක් නැහැ, එත් ඇත්ත විසඳුම ඕක තමයි. රිළව් මරාදමන්න

:       5       4

Nihal Thursday, 20 March 2025 09:28 AM

රිලව් මරමු ,අපි වඳුරගෙන් පැවත එන නිසා උන් අපේ පාරම්පාවේ ලේ ඥාතීන් ආරක්ෂා කරමු

:       1       0

Deshabandu Thursday, 20 March 2025 09:43 AM

ලෝකයේ බොහෝ රටවල සත්ව ගහනය වැඩි වෙන නිසා අවුරුද්දකම වාගේ අතිරික්ත සතුන් ප්‍රමාණයක් යම් නිර්දේශයන් මත විනාශ කිරීමට අදාළ රජයන් යම් කාලයක් ප්‍රකාශ කරනවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1554 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1360 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site