
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය පොලිසියකියයි.
තුවාල ලැබූවන් අතර කුඩා ලොරියේ රියදුරු සහ සහායකයාද වන බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කීප දෙනෙකුද වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරුම පුනරුදේ ආවා විතරයි රටේ අනතුරු වැඩි වෙලා තියෙනවා, ඉහළ පුටු වල ඉන්නේ අතේ ලේ ගෑවුණු උන්ද මන්දා රටට සාපයක් වැදිලා වගේ