
( රොමේෂ් මධුෂංක)
වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.
මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වීරසිංහම් ජනිධරන් සහ ඔිමන්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාසා යන අයයි.
ඔිමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ සිට වව්නියාව දෙසට ගමන්කරමින් තිබූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ද දෙස සිට පැමිණි පාපැදියක ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා සහ පාපැදියේ ගමන්ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන් විසින් වව්නියාව මහරෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔවුන් දෙදෙනාම වව්නියාව මහරෝහලේදී මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd