IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට

(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර )

සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය අසලදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

ගම්පහ දොම්පේ පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එච් .එම්. කමලාවතී (70) , සහ මුදුගමහේවගේ සිරියාවති (51) යන නැන්දම්මා සමඟ ලේලියක මෙසේ මියගිය බවද පොලිසිය කීය .

මෙම අනතුරින් 53, හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණිය ක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය පැවසීය .

මොවුන් හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටින සිය දියණිය ගේ නිවසට සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .

හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

 



අදහස් (0)

රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2091 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site