IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


රෑ අට වෙද්දි බයිඩන් නිදා ගන්නවා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කළේය.

ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් පමණක් නොව, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් පවා බයිඩන්ට විරෝධයක් එල්ල වෙයි. ඒ, 81 හැවිරිදි වියෙහි පසුවන බයිඩන්, යළි ජනාධිපති වීමට සුදුසු නැති බවත් වයස්ගත බැවින් ඔහුගේ මනස දුර්වල බවත් පෙන්වා දෙමිනි.

රාත්‍රී 8 ට නිදා ගැනීම සම්බන්ධයෙන් බයිඩන්, වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී මෙසේ කීවේය.

'මම අවදි වෙන්නේ උදේ 7 ට. මම මධ්‍යම රාත්‍රිය තෙක් වැඩ කරනවා. මහන්සි වෙනවා. මට රාත්‍රී අට වෙද්දී නිදා ගන්න ලැබෙනවා නම් ඒක ඇත්තටම සැනසිල්ලක්'



අදහස් (8)

රෑ අට වෙද්දි බයිඩන් නිදා ගන්නවා

Prabha Friday, 12 July 2024 03:13 PM

මම හිතන් හිටියේ කලින්ම නිදා ගන්නේ අපේ හිටන් ගොයියා කියලා

:       0       27

Do Don Friday, 12 July 2024 03:51 PM

අපේ නිමල් අයියා කොයි වෙලේ බැලුවත් නිදි... බයිඩන් හොඳයි.

:       0       33

senaratne Friday, 12 July 2024 05:11 PM

නිමල් අයියාට පුටුවක් පේන්න බැහැ...

:       0       18

de silva Friday, 12 July 2024 07:26 PM

අපේ නිදිමතයට මේ අවුරුද්දේ සැප්තැම්බර් 6 වෙනිදට අවුරුදු 80 වෙනවා , පාර්ලිමේන්තුවේදී නිදා ගත්තට කොමිස් ගහනකොට සහ පාර්ලිමේන්තුවේ ටොම් පච දෙසබනකොට නම් හොඳ අවධානයෙන් සහ අවදියෙන් ඉන්නේ , බලාගෙන ගියහම ජරාව කාල බතලගෙඩි වගේ හිටියට අපේ දේශපාලුව නම් ෆුල් ෆිට් නේ ?

:       0       9

Saman Friday, 12 July 2024 07:35 PM

අපේ නිමල් සීයා තමයි නිදාගන්න කප් ගහපු එක්කෙනා.

:       0       10

SarasiSaturday, 13 July 2024 03:10 PM

කොහොම හරි ඡන්දෙ දීලා ගන්න ආයේ...

:       0       0

Sarasi Saturday, 13 July 2024 03:09 PM

වයසක සීයාට ඔයිට වඩා දෙයක් බෑ.

:       0       0

චතුරි Saturday, 13 July 2024 06:12 PM

අපේ අය නිදා ගන්නේ පැය දෙක තුනයි. පාන්දර තුනේ ඉඳන් මල් වට්ටිය අතේ තියන් බුදුන් වැඳලා, පිරිත් අහලා. වැඩ පටන්ගන්නේ හොරා කන්න. පගා කන්න. ජනතාව තද නින්දේ... අපේ රටට හෙන ගැහුවේ ඒකනේ. බයිඩන් ඇතුළු කට්ටිය වෙලාවට වැඩ කරලා නිදහසේ ඉන්නවා. දෙවියෝ රවටන්නේ නැතිව... බුදුන් වැඩලා වැඩ පටන් ගන්න රට හැමදාම හිඟා කනවා... පහන තියා බුදු සාදුට හිමිදිරියේ.... හැමදා දෙන්නා. මොකටද යන්නේ හිඟා කන්න. මහ අය කරනදේම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1706 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1425 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site