(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.
ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන ගණනාවක් පරීක්ෂා කළත් අත්ඩංගුවට ගැනීමට නොහැකි විය.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක්ද පසුගියදානිකුත් කෙරිණ.
මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළද රාජසන්තක කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අධිකරණයට බාර විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රාජිතගේ දේපළ තහනම්?
Hafeel Thursday, 14 August 2025 04:17 PM
මෙහෙම හංගිලා ඉඳලා ඔයාගේ රනිල්ව මේ වසර අවසානයේ කොහොමද ජනාධිපති කරන්නේ..? මේ වසරේ දෙදෙනෙක් ජනාධිපති වෙන්න ඉන්නේ... මේ වසරේ සැප්තැම්බරයේ සජිත් ජනාධිපති වෙනවාලු... මේ වසරේ අවසානයේ රනිල් ජනාධිපති වෙනවලු... නමුත් මෙහෙම හැංගි හැංගී කොහොමද ඒක කරන්නේ?
AK Thursday, 14 August 2025 04:35 PM
වැරැදි නොකළ බව ඔහු අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ ප්‍රකශ කර ඇත. එසේ නම් සැඟවී සිටින්නේ ඇයි? දේපලත් තහනම් වෙලා එළියට පැමිණි පසු සිරගත වෙන්නත් වේවි...!
කව්ද බෝයි Thursday, 14 August 2025 04:39 PM
තහනම් කරන්න මේ කිඹුලාගේ නමට මොකවත් තියෙන්න එපැයි.
Perakum Liyanagama Thursday, 14 August 2025 04:45 PM
Hafeel ලස්සන සුරංගනා කතාවක්. ඉක්මනට තව එකක් ලියලා දාන්නකෝ...!
HafeelThursday, 14 August 2025 05:27 PM
බොහොම ස්තුතියි පැරකුම්...!
GamiyaThursday, 14 August 2025 07:22 PM
ලොකු තැන පිට්ටනියක් හොයන්න. පැරකුම් බැඳලා තියන්න තණකොළ කන්න.
Prabash Thursday, 14 August 2025 05:00 PM
අපි නම් පොඩිකාලේ තමයි හැංගි මුත්තු හැංගියෝ කලේ. පොඩි කාලේ කරපු නැති අය තමයි ලොකු කාලෙදී කරන්නේ... එයාලාත් ආස ඇතිනේ...
අකිල Thursday, 14 August 2025 05:03 PM
ඒ ගමන්ම අර පිස්සුවෙන් කෑගහන චතුරයාගේ දෙපලත් රාජසන්තක කරන්න බැරිද?....
විකුම විදර Thursday, 14 August 2025 05:06 PM
කවුරුහරි හංගං ඉන්න එකා ඕකාව දේපල තහනම් කරනකම්ම එළියට දාන්න එපා...
Nandalal DE SILVA - France Thursday, 14 August 2025 05:32 PM
නැව් ගිලපු මේ හාදයා තවම ජීවතුන් අතර සිටිනවාද, වැලිගම ගිහින්ද කියලා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. එහෙම කෙනෙකුට මෙලොව වස්තු ගැන ආසාවක් ඇති වෙන්න බෑනේ...! ඔන්න ඕවා ඔක්කෝම රජයට පවරා ගන්න. ඊට පස්සේ හොඳ පිදෙනි තටුවක් තියලා හැංගිලා ඉන්න භූතයාට පිං දෙන්න.
ප්‍රියා Thursday, 14 August 2025 05:47 PM
පොලිසියට හොයන්න යන වියදම් කාලය වෙනුවෙන් බිලක් දාලා ඒකත් ඔය පවුලෙන් අය කරගන්න. මිනිසුන්ගේ බදු මුදල් නොයොදා. බාර නොවී නීතිය (නීතිය හදන්න තැන හිටපු) නීතියට කොකා පෙන්නන අයට දඬුවම් දෙගුණ තෙගුණ කරන්න. අනිවාර්යයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඒ වියදමත් අයකර ගන්න...
විපරමා Thursday, 14 August 2025 07:41 PM
එහෙට මෙහෙට පැන පැන සදහටම බලයේ ඉන්ඩ හදපු ආත්මාර්තකාමි අවස්ථාවාදී දේශපාලුවෙක් කිව්වේ නම් මහින්දයා ගේ දෑත් ශක්තිමත් කරන්න ගියාලු...
බද්රානි Thursday, 14 August 2025 08:25 PM
හැකර කට පාවිච්චි කරලා මෝඩයින්ව රවට්ටලා පාර්ලිමේන්තු ගිහින් මඩිය තරකර ගෙන නීතියෙන් වහන් වී සිටීමට උත්සාහ දරන මොහුගේ දේපොළ රාජසන්තක කළ යුතුයි. මොහුගේ පුතා නම් විකාර කාරයෙක් වගෙයි කතාවෙන් පේන්නේ... තාත්තාට දඬුවම් දෙන්න කලින් පුතාව පුනරුත්තාපනය කළයුතු හදිසි තත්වයකිනුයි ඔහු දැන් පසුවන්නේ...
MeththaFriday, 15 August 2025 07:59 AM
අර බුක් බුක් ගාන චතුරයා මොකද සද්දයක් නැත්තේ? අනිවාර්යයෙන් ඕකා දන්නවා දත් දොස්තරයා ඉන්න තැන.
අරවින්ද මොණරවිල Thursday, 14 August 2025 09:14 PM
දේපළ රජයට පවරා ගෙන පුතාව අත්අඩංගුවට ගන්න මොකද මිනිහා දන්නවා කිඹුලා ඉන්න තැන.
prasanna Friday, 15 August 2025 10:41 AM
මෙයා හැංගිලා ඉන්නේ අර කන්ටේනර් 368 න් එකක් අස්සේ.