
(දයාරත්න ඇඹෝගම)
පවතින අධික වරැෂා පතනය හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02 ක් අද (09)දින පස්වරැවේ සිට විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ඩී සිල්වා මහතා පැවසිය.
අඩි 08 බැගින් වාන් දොරටු 02 ක්,අඩි 06 බැගින් වාන් දොරටු 02 ක්,අඩි 04 බැගින් වාන් දොරටු 04 ක්,අඩි 02 බැගින් වාන් දොරටු වාන් දොරටු හතරක් විවෘත කොට තිබේ
මේ හේතුවෙන් රාජාංගණය ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 15,100 ක ජල ප්‍රමාණයක් පිටවේ.
අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයකට ජලය ඝණ අඩි 650 ක ප්‍රමාණයක් පිටවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd