IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"ඔබතුමා කට වහගන්න" යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම්  එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී  කුමාරි විජේරත්න  මහත්මිය  පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය.

මෙම ප්‍රකාශයෙන් පසු කතානායකවරයා තමාගේ හැදියාව
සම්බන්ධයෙන් ප්‍රශ්න  කළ බවත් ප්‍රකාශය මෙසේ ඉල්ලා අස්කර ගැනීමෙන් ඔහුගේ ඒ ප්‍රශ්නයට ද පිළිතුරක් ලැබෙන බවත් විජේරත්න මහත්මිය  කීවාය.

මධ්‍යස්ථව සිටිය යුතු භූමිකාවක් අන්තවාදී ලෙස කටයුතු කරද්දී මෙවැනි ප්‍රකාශ ඉබේම පිටවිය හැකි බවද ඇය සඳහන් කළාය.

රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවේ  කතානායකවරයාට ‘ඔබතුමා කට වහගන්න’ යැයි පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.



අදහස් (4)

රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි

කපුරුහාමි Thursday, 24 July 2025 01:38 PM

දැන් ඉන්න කතානායක තුමා, කලින් හිටපු පක්ෂග්‍රාහී පොලී මුදලාලි වගේ කියලා හිතාගෙන ඉන්න ඇති...?

:       1       16

Aruna Thursday, 24 July 2025 01:43 PM

කතානායක වෙනුවට චමුදිත දැම්මා නම් හරි... එයාගෙන් පොඩි හරි චාන්ස් එකක් ලැබෙනවා...

:       1       7

සංඛ Thursday, 24 July 2025 02:34 PM

මෙයාගේ කොහොමත් දන්නවා වැඩිකමට කට ටිකක් සද්ද වැඩියි. ආණ්ඩුව රට හොඳට කරනවාට තියෙන ඊර්ෂ්‍යාව. නැත්නම් වෙන මොකක්ද?

:       3       19

Chandana Friday, 25 July 2025 09:13 AM

කෝ අර බයියෝ දෙන්නා ගුණරත්න සහ යෝගා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site