IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩීයට පැමිණිලි 2 ක්

(ඉන්දිකා රාමනායක)

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමිණිළි දෙකක්   විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත යොමුකළ බව පොලිසිය කියයි.
 
මින් එක් පැමිණිල්ලක් රාවණා බලය සංවිධාන මහලේකම්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්  ඉිදිරිපත් කර ඇති අතර  අනික් පැමිණිල්ල  බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලූගල්ලේ  ශි‍්‍ර  ජිනානන්ද  හිමියන් විසින් ද පොලිස් මුලස්ථනය වෙත ඉදිරිපත් කර  තිබු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්  මීට දින කිහිපයකට පෙර අමාත්‍ය  රිෂාඞ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව ද  අගුලූගල්ලේ  ශි‍්‍ර  ජිනානන්ද  හිමියන් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා මහතාට එරෙහිව ද පැමිණිලි  ඉදිරිපත් කර තිබුණි.
 
 වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම පැමිණිලි දෙක විමර්ශනය සදහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (17)

රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩීයට පැමිණිලි 2 ක්

sirimal Sunday, 26 May 2019 01:17 PM

මේ දෙන්නා කිසිම දවසක විපක්ෂයේ ඉඳල නැහැ නේද? ඉතින් ඉස්සර කලේ මේ මිනිස්සු හොඳ අයද ? අයි එස් අවුල විසඳා ගන්න මේවගේ දේවල් කරලා නම් පුළුවන් වෙන වෙන එකක් නැහැ.

:       106       214

Soma dubayi Sunday, 26 May 2019 04:52 PM

මේවා යහපාලන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන වැඩ.

:       535       21

Hafeel Sunday, 26 May 2019 05:58 PM

මේක කොහොමද යහපාලනය?

:       2       108

Hafeel Sunday, 26 May 2019 06:03 PM

ඇයි අසාද් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් නොකළේ? එදා අසාද් සාලිටත් එරෙහිව කතා කළා. එයා ජනාධිපතිගේ නියෝජිත නිසාද?

:       0       134

රොෂාන් Sunday, 26 May 2019 07:30 PM

මුලින්ම කල යුත්තේ මේ අයව අදාළ තනතුරු වලින් පහ කිරීමනේ. බොරුවට ජනතාව නොමග යවන්න අනවශ්‍ය ලෙස කාලය මිඩංගු කරනවා. විමර්ශන එක දවසින් කරන්න බැහැ. නමුත්, හරිහමන් ජනාධිපති කෙනෙක් හිටියා නම් විනාඩි ගානක් තුල තනතුරු වලින් නෙරපනවා.

:       0       86

Jehaan Sunday, 26 May 2019 07:37 PM

තමන්ට විරුද්ධව රටේ කැළඹීමක් තිබේනම් අඩු ගානේ ඒ පරීක්ෂණ අවසන් වනතෙක් වත් ඉල්ලා අස්විය යුතුයි. අර බ්‍රිතාන්‍ය අගමැතිනියට තිබුන බවලත් ගැම්මවත් නැති දේශපාලුවන් ඉන්න රටේ නඩු හබ ගැන මොන කතාද ? මේක මේ අසවල් ජාතිය පිළිබද ප්‍රශ්නයක් නොව ලංකාවේ දේශපාලන විලි ලැජ්ජාව නැති කම ගැන ප්‍රශ්නයක්. ඒක නැති කෙනාට රට ගැන කැක්කුමක් කොහෙත්ම නැත.

:       0       104

ranjith Sunday, 26 May 2019 09:32 PM

රටේ ඉන්න සහ හිටපු මෝඩ පාලකයෝ බල තණ්හාවට කරන දේවල් වලින් රට අරාජික වෙලා

:       0       146

ranjith Sunday, 26 May 2019 11:13 PM

දැන්වත් මේ ජරා දේශපාලනය නතර කරෝත් රට ගොඩ ගන්න පුළුවන්. මහජාතිය දෙකට බෙදිලා බලේ මදි උනාම වෙනත් කොටස්වල සහය ගන්න ගිහින් නේද මේ විනාශය. රටද වටින්නේ තමන් බලේ ඉදලා වැජබෙන එකද.?

:       0       109

sirimal Sunday, 26 May 2019 11:14 PM

අපොයි. පැමිණිලි එච්චරද ඇවිත් තියෙන්නේ?

:       10       132

de silva Monday, 27 May 2019 01:08 AM

මහා පක්ෂදෙකෙම නායකයෝ රට කෙසේවෙතත් ලබන ඡන්දෙදි තම ඡන්ද පදනම ආරක්ෂාකරගන්න දිවිහිමියෙන් කටයුතු කරන බව පෙනේ, මොවුන්ට පාඩමක් උගන්වන්න ලබන ජනාධිපතිවරනේදී මේ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ඡන්දෙ නොදී , නිර්පාක්ෂික ස්වාධින අපේක්ෂකයාට ඡන්දෙ දෙමු .

:       12       146

Samathasena Aluthgamage. Monday, 27 May 2019 02:01 AM

සිංහල අප මේ අවස්ථාවේ පක්ෂ පාට වලට නොබෙදී රට ජාතිය හා ආගම රැක ගත යුතුයි. එදා රජතුමා මොරොක්කෝවේ වෙළෙන්දන් ටික මේ රටේ නතර කරගත්තාට අපහට ලැබෙන කළගුණ සැලකීම ගැන සිතා හෝ අප බුද්ධිමත්ව එකාමෙන් කටයුතු කොට අපගේ රට ජාතිය ආගම රැකගත යුතුයි. ත්‍රස්තයන් හා සම්බන්ධ සියල්ලන්ටම තරාතිරම නොබලා දඬුවම් කල යුතුයි.

:       2       121

බල්ලා Monday, 27 May 2019 03:49 AM

මේ අය අහිංසකයෝ. නිදහස් කරන්න. අර මැරුනු අය තමයි බෝම්බ ගහගෙන තියෙන්නෙ.

:       0       98

chandima Monday, 27 May 2019 05:14 AM

සමහරවිට වකුගඩු රෝගය පිටුපසත් මේ පිරිස ඉන්නට බැරි නැහැ.

:       0       18

Ruby Monday, 27 May 2019 05:23 AM

හැමෝටම තියෙන්නේ තමන්ගේ පක්ෂය පිළිබද පුදුමාකාර ගැතිකමක්, රට ගැන කිසිම ආදරයක් නැත. මෙවන් මෝඩ මිනිසුන් සිටින රටකට කුමක්වේවිද. ඉතාමත් කලකිරීමක් දැනෙනවා මේ අදහස් දැක්කහම.

:       0       354

thilakasiri Monday, 27 May 2019 11:34 AM

වර්ෂ 1400 කට පමණ පෙර සේද මාර්ග වෙළඳුන්ට වැඳුම්පිදුම් නොකළයුතු යයි මහම්මත් නබි දේශනා කිරීමත් සමග ඔහුගේ අනුගාමික අන්තවාදීන් එතෙක් වැඳුම්පිදුම් කරමින් තිබූ හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි සිද්ධස්ථාන විනාශ කරමින් කාශ්මීරයේ බෞද්ධ භික්ෂූන් මරා දමමින් බටහිර ක්‍රිස්තියානුවන් සමග කුරුස යුද්ධය අරඹමින් මේ අන්තවාදය එදා පටන් අද දක්වාම ව්‍යාප්ත කරමින් සිටියි. මුස්ලිම් අන්තවාදීන් හැර අන් සියල්ලෝම ඝාතනයකර ඔවුන්ට පමණක් මුළු ලෝකයම අයිතිකරගත හැකියයිද, එසේ කරන්නට සියදිවි හානිකරගත්තත් ඔවුන් සදා ස්වර්ගස්ථ වියහැකි යයිද, පව්කාර විශ්වාසයක් ඇති මොවුන් අප්‍රේල් 21දා කළා මෙන් මහා විනාශයන් කරන්න පෙළෙඹෙන නිසා ඉතා භයංකාරයි. මොවුන්ට විරුධවන මුස්ලිම් වරුන්වද මරන්නට පෙළඹෙන නිසා නිවැරදි මුස්ලිම් වරුන් ඇතුළු මුළු මිනිස් සමාජයම මොවුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. මේ සමාජය තුළින්ම මොවුන් බිහිවන නිසා අසාද්අලි, හිස්බුල්ලා, බදියුර්දීන් කරන කියන දේවල් නිසා ඔවුන්ද මේ අන්තවාදීන්ද කියා අන්තවාදීන් නොවන මුස්ලිම් ඇතුළු සියලු ලාංකිකයෝ බියෙන් පසුවෙති. එ් නිසා නිවැරදි යයි ඔප්පුකරන තුරු මොවුන් දරණ තනතුරු වලින් ඉවත් කලයුතුය.

:       0       91

nali Monday, 27 May 2019 06:30 PM

නඩු අහල හාමුදුරුවන් වහන්සේලා හිරේ දායිද දන්නේ නැහැ !!!

:       0       0

Rohana Wednesday, 29 May 2019 11:53 AM

රටට හිතැති රට දියුණුකරන පාලකයකු ඉක්මණින් අවශ්‍ය වී තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site