(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බැඳුම්කර නිකුත්තුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
මෙම විත්තිකරුවනට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවනට ඇප දිම සඳහා තම අධිකරණයට බලයක් ඇති බව තීරණය කරනු ලැබීය.
ඒ අනුව විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සුවිශේෂි කරුණු ඉදිරිපත් කළහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපති ස්ථාවරය දැනුම් දීමට මත්තෙන් ඒ පිළිබඳ ලේඛන විශාල ප්‍රමාණයක් අධ්‍යනය කළ යුතු බව විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නාය.
එම ලේඛන පරීශිලනය කොට කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමන්ට සතියක කාලයක් ලබාදෙන්නැයි ඇය විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියාය. එම කරුණු සලකා බලමින් ලබන 31 වැනි දා නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 March 2021 11:24 AM
කොයිවෙලේත් එක් පැත්තක වැරදිකරුවන් රිමාන්ඩ්.. තවත් පැත්තක අය නිදොස් කොට නිදහස්...
mihira Friday, 26 March 2021 11:27 AM
පළාත් සභා ඉවර වෙනකම් ඇතුලේ තමයි ඉතින්..
Ruhunu Friday, 26 March 2021 11:31 AM
දේශපාලකයන් යන එන තැන්..., උසාවි, බන්ධනාගාර, පාර්ලිමේන්තුව... ඉතින් මේවගේ හොරුන්ට නේද මිනිස්සු ඡන්දෙ දෙන්නේ...?
CHANDIMA Friday, 26 March 2021 04:03 PM
බන්ධනාගාර රෝහලේ නවත්වන්නේ නැතිද? ප්‍රභූවරුනේ...