IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රුවන්ගනී

අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස ක්‍ෂේත‍්‍ර ගණනක සිය දක්‍ෂතා ප‍්‍රකට කරන ශිල්පිනියක ලෙස රුවන්ගනී රත්නායක හැඳින්විය හැකිය. සෑම  සෙනසුරාදාවකම රාත‍්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යය හරහා ඔබට සමීප වන රුවන්ගනී ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘හැඩකාර සඳුදා’ සහ ‘වෙඩින්’ වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබනවා. ‘අහසින් වැටුණා’ අත්දැකීම ගැන මුලින්ම කතා කළොත්? ‘අහසින් වැටුණා’ කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරපු නිර්මාණයක්. මගේ ගමනට ලොකු පිටුවහලක් මේ නිර්මාණය හරහා ලැබුණා කීවොත් නිවැරදියි. ‘අහසින් වැටුණා’ හි ඔබට රඟපාන්න ලැබෙන්නේ ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල පිරිස් සමගයි. මෙවැනි පිරිසක් සමග ක්‍ෂේත‍්‍රයට ආධුනික ඔබ රඟපාන විට අනාගැනීම් බහුල වුණාද? ඇත්තටම මම ඔය ටෙලි නාට්‍යයට ගියේ බයෙන්. ස්වර්ණවාහිනියෙන් මට මේ ටෙලි නාට්‍යයට යන්න කිව්වම මට හිතාගන්න බැරි වුණා. විශේෂයෙන් ආනන්ද අබේනායක වැනි ජ්‍යෙෂ්ඨයෙකු යටතේ වැඩ කරනවා කියන කාරණය තුළත් මට තිගැස්මක් තිබුණා. ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යයේ රඟපාන අය අතරින් රොෂාන් පිලපිටිය අයියා එක්ක විතරයි මම කලිින් වැඩ කරලා තිබුණේ. රූගත කරන විට මෙහි සිටින ජ්‍යෙෂ්ඨයන්ට සිදුවීම් කියා දෙන්න අවශ්‍ය නෑ, අදාළ සිදුවීම ඔවුන් මවනවා. නමුත් මට ඒ සියල්ල කරන අයුරු කියාදෙන්න ආනන්ද අබේනායක මහතාටත්, රොෂාන් රවින්ද්‍ර අයියාටත්, තිර රචනා කළ නාමල් ජයසිංහ ආදීන්ට සිදුවුණා. මේ ටෙලි නාට්‍යයේ දෙබස් කියවිය යුතු ආකාරය පවා නාමල් අයියා මට කියා දුන්නා. ඇත්තටම මේ ටෙලි නාට්‍ය රංගනයට බොහෝ පුහුණුවීම් කිරීමට සිදුවුණා. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් . නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඔබට රංගනයට පිවිසෙන්න අවශ්‍ය වුණේ ඇයි? මම බොහෝ කලක සිට මනාලියන්දැක්ම වැඩසටහන් සඳහා සම්බන්ධ වී සිටියා. මේ අතරතුර තමයි 2010 රූපවාහිනී අවුරුදු කුමරි තරගයේ දෙවැනි ස්ථානය හිමිවුණේ. ඒ හරහා මට රංගනයට යොමු වීමට අවස්ථාව හිමිවුණා. මම මුලින්ම රඟපෑවේ නලින් මාපිටියගේ ‘බිනරි’ ටෙලි නාට්‍යයෙයි. ඉන්පසුව මංජුල සිංහපෘථීවිගේ නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපෑවා. එසේම 2010 වසරේ නේචර් සීක‍්‍රට් ඡවිකල්‍යාණි තරගයේ තුන්වැනි ස්ථානය දිනාගන්න මට හැකිවුණා. ඉන්පසුව ස්වර්ණවාහිනියේ ‘මිණිපුර හටන’ සඳහා මට ආරාධනා කළා. අනතුරුව තමයි ‘අහසින් වැටුණා’ හි ප‍්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණේ. සාමාන්‍යයෙන් නිරූපණ ක්‍ෂේත‍්‍රයට පිවිසෙන තරුණියන්ට අත්විඳින්නට සිදුවන අත්දැකීම් එතරම් සුන්දර නොවන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධව ඔබේ අත්දැකීම් කෙබඳුද? සුන්දර නැති අවස්ථාත් තිබුණා.  ඕනම කෙනෙක් අලූත් දෙයක් කරන්න හදන විට එය අසුන්දරයි. තමන් විසින් තමයි තමන් කරන දේ සුන්දර කරගන්න  ඕන. මටත් ගොඩක් අසුන්දර දේවල් වලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් මම ඒවාට නිසි අයුරින් මුහුණ දුන්නා. මොනවද ඔබට ඔය මුහුණදීමට සිදුවූ අසුන්දර අත්දැකීම්? පැජන්ඞ්වලදී බොහෝ අසාධාරණ තීරණවලට ලක්වෙන්නට සිදුවුණා. නියම තැන නොලැබුණු අවස්ථා තිබුණා. නමුත් මම ඒවා එතරම් ගණන් ගත්තෙ නෑ. ටෙලි නාට්‍යවලට යද්දි නම් සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා. ටෙලි නාට්‍ය දෙකකට කතා කරලා තිබෙන විට ක්‍ෂේත‍්‍රයට අලූත් නිසා නිසියාකාර තෝරාගැනීමක් කරගන්න බැරිවූ අවස්ථා තිබුණා. මේ නිසා එක අධ්‍යක්‍ෂකවරයෙක් මාත් එක්ක අමනාපත් වුණා. මේ දවස්වල නිරත වෙලා සිටින නිර්මාණ කටයුතු මොනවද? සෙන් තිලකවර්ධනගේ ‘නාමල් අරණ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ජාතික නාමල් උයන පිළිබඳ කියවෙන ටෙලි නාට්‍යයක්. එහි ප‍්‍රධාන චරිතය තමයි මම රඟපාන්නේ. ඉදිරියේදී ටෙලි නාට්‍ය තෝරා ගන්නාවිට හොඳ ටෙලි නාට්‍ය සේම ප‍්‍රධාන චරිත පමණක් රඟපාන්නත් මම හිතාගෙන ඉන්නවා. ඒ සමගම මට සිනමාවට සම්බන්ධ වීමට අවස්ථාවක් උදාවුණා. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කරන සුනිල් ටී ප‍්‍රනාන්දු නිෂ්පාදනය කරන ‘ජීවිතේ ලස්සනයි’ හි රූගත කිරීම්වලට මේ වන විට සම්බන්ධ වෙලා ඉන්නවා. රංජන් අයියා සහ මම තමයි එහි ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. රන්ජන් රාමනායක වැනි ප‍්‍රවීණයෙක් එක්ක වැඩ කරන එක මොනවගේ අත්දැකීමක් ද? හරිම විනෝදෙන් තමයි ඔහු කාලය ගත කරන්නේ. අපට චරිතයක් ගොඩනගා ගන්න  ඕන උපදෙස් නිතරම ලබා දෙනවා. අපි වෙන කල්පනාවක ඉන්නවා දැක්කොත් විහිළුවක් හරි කරලා යළි අපිව ඒ චරිතයට යොමු කරවා ගන්න ඔහු කටයුතු කරනවා. මේ ක්‍ෂේත‍්‍රයට අලූතින් පිවිසෙන බොහෝ අය ටෙලි නාට්‍යයකින් දෙකකින් ජනප‍්‍රිය වූ පමණින් හිස උදුම්මවා ගන්නා ස්වභාවයක් දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය ඔබ සම්බන්ධයෙන් අදාළ වේවිද? නැහැ.මම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 1 1/2 ක් වනවා. ඒ කාලය තුළ දී ටෙලි නාට්‍ය 5 ක විතර වැඩ කළා. ඒ එක්කම නිරූපණ ක්‍ෂේත‍්‍රයෙත් ජනප‍්‍රියත්වය ලබා තිබෙනවා. මේ සියල්ලත් සමග මගේ නම් කිසිම ලොකුකමක් නැහැ. මාත් එක්ක වැඩ කරන අය එය හොඳින් දන්නවා. මම හැමෝම සමග හිතවත්. අලූතින් ක්‍ෂේත‍්‍රයට ආවම හිස උදුම්මා ගත් අය ගැන මමත් අහල තියෙනවා. එහෙම අය දැකලත් තියෙනවා. හැබැයි මම නම් එහෙම නැහැ. ඔබ රංගනයේ යෙදෙන්නේ වෘත්තීමය වශයෙන් ද? මම කාලයක් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැළිලා හිටියා. නමුත් රංගන කටයුතු සමග තාවකාලිකව ඉන් ඉවත් වෙන්න සිදුවුණා. ඉදිරියේදී යළිත් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රය වෙත යොමුවෙන්න හිතාගෙන සිටිනවා. කෙසේ වුවත් මම මුල්තැන දෙන්නේ රංගනයටයි. දුර බැහැරක සිට කොළඹට පැමිණි ඔබට මෙම ක්‍ෂේත‍්‍රය තුළ හිමි වූ ඉඩ ප‍්‍රස්තාව හා හිමිවන පිළිගැනීම ගැන මොකද හිතෙන්නෙ? මට නම් ගොඩක් අවස්ථා ලැබුණා. උදාහරණයක් ලෙස මට ස්වර්ණවාහිනිය මුලින්ම ආරාධනා කළේ වැටසටහනක් ඉදිරිපත් කරන්න. එමගින් රංගනයටත් අවස්ථාවක් ලබා දුන්නා. ජාතික රූපවාහිනියේ ‘අවුරුදු කුමරිය’ තරගයට ගොස් රංගනයට යොමු වී වැඩසටහන් ඉදිරිපත් කිරීම දක්වා යන්න පුළුවන් වුණා. ඒ අනුව මම කුරුණෑගල සිට කොළඹට ඇවිත් කරපු හැමදෙයක්ම හරි ගියා. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අත්දැකීමක්, හැදෑරීමක් නොමැති ඔබ නිවේදිකාවක් බවට පත් කළ අත්දැකීම කෙබඳුද? මට මුලින්ම ඉදිරිපත් කරන්න ලැබුණේ ස්වර්ණවාහිනියේ Good Afternoon කියලා පැය 2 1/2 ක සජීවී වැඩසටහනක්. එහි හැඩකාර සඳුදා දවස තමයි මම කළ වැඩසටහන් මට සජීවි වැඩසටහනක් පැය 2 1/2 කරන්න කිව්වම මුලදී බය හිතුණා. නමුත් කවුරුත් මාව අධෛර්යයමත් කළේ නැහැ. සති දෙකක් පමණ යන විට ඒ බය ඉබේම පහව ගොස් මම ඒ කටයුත්තට හුරුවුණා. දැන් මම ‘වෙඩින්’ නමින් තවත් වැඩසටහනක් කරනවා. එය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 7.00 ට තමයි විකාශය වෙන්නේ. මේ සියලූ කටයුතුවල අවසන් ඉලක්කය වන්නේ කුමකද? හැම දෙයින්ම පරිපූර්ණ වූ කාන්තාවක් වීමයි.  

නිරෝෂාන් පේ‍්‍රමරත්න ඡායාරූප මිහිර බණ්ඩාර
 



අදහස් (0)

රුවන්ගනී

ජීවන්ති Thursday, 15 December 2011 10:03 PM

ඔබට අපෙන් සුබ පැතුම් රුවන්ගනී

:       0       0

මධු Saturday, 07 July 2012 11:24 AM

අක්කි ඔය නම් මාරම ලස්සනයි

:       0       0

ඉසංකා Wednesday, 11 January 2012 10:13 AM

ඔයා හරිම අහිංසකයි වගේ

:       0       0

තිස්ස Monday, 05 December 2011 10:56 PM

ගොඩක් ලස්සනයි. එතකොට තවත් ලස්සන වෙනවා.

:       0       0

Anonymous Tuesday, 06 December 2011 03:04 PM

ලස්සනයි

:       0       0

සුගත් Tuesday, 06 December 2011 03:15 PM

නියමයි

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 11:26 AM

රුව වගේම හදවතෙත් ලස්සන රැකගෙන ඉදිරියට යන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site