IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

(නාලක සංජීව දහනායක)

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද කථානායක කාර්යාලයට පැමිණියහ.

 



අදහස් (26)

රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

UPUL Thursday, 03 August 2017 11:31 AM

හරිනම් විශ්වාස භංගය ගේන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂය. මොකද අමාරුවෙන් ලබාගක් රාජ්‍යබලය විනාශකලේ හා ජනතාවට මුහුණ දිමට අපහසු වන්නේ ඔවුන්ට බැවිනි.

:       61       823

Perakum Thursday, 03 August 2017 11:53 AM

පාර්ලිමේන්තුවෙනුත් නිදොස් කොට නිදහස් බවට සහතිකයක් අරන් දෙන්න වගෙයි හදන්නේ...!

:       86       615

Praba Thursday, 03 August 2017 12:12 PM

දැන් බලමු කාගෙ කාගෙත් කෙරුවාව...

:       1       114

රොමේෂ් Thursday, 03 August 2017 12:32 PM

ලැජ්ජාවක් තියෙන මිනිහෙක්නම් මෙලහකට ඉල්ලා අස්වෙලා. මේ මනුස්සයාගේ මුහුණ පත්තරෙන් දකිද්දීත් වමනෙට එනවා.

:       3       357

Manjula senanayake Thursday, 03 August 2017 12:37 PM

සියයට සියයක් ඔට්ටුයි පාර්ලිමේන්තුවෙන් මේහාදය නිදහස් කරනවා. කීයක් ඔට්ටුද?

:       7       220

saman Thursday, 03 August 2017 12:54 PM

අපේ පර්ලිමෙන්ට් එක එක වැකියකින්: හොරු වෙනුවෙන් හොරු සහ හොරුන්ට එරෙහිව හොරු

:       1       244

Chandra Thursday, 03 August 2017 12:58 PM

මොහු පිලිබන්දව ජනතවට විශ්වාසයක් නැත. නමුත් පර්ලිමේන්තුව නියෝජනය නියම ජනත නියෝජනයක් නොවේ. එය පක්ශ නියොජනයකි. එබැවින් හරි තීන්දුවක් ලැබේ දැයි සැක සහිතයි. කනගාටුයි අප රට ගැන.

:       1       221

chinthaka Thursday, 03 August 2017 01:04 PM

සුනිමල යහ පාලනයක් වෙනුවෙන් දිව්රපු දිව්රීම් මතකෙට අපුහම මට හිතුනේ අගමැතිතුමය්, ජනාධිපතිතුමය් මේ විශ්වාසභංගේ රවිට ගෙනෙය් කියලා

:       0       166

sahan Thursday, 03 August 2017 01:05 PM

ඕකට තමා කියන්නේ ඇහේ පොල් පරාලේ තියෙන එකා අනිත් එකාගේ ඇහේ තියෙන පොල් කෙන්ද පෙන්නනවා කියල , හරියට මහරාජා රවිට විස්වාස බංග ගේනවා වගේ

:       1618       1767

Sanjeewa Thursday, 03 August 2017 01:26 PM

විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගෙනාවේ දින්නත්, පැරදුණත් ඒකබද්ධය දිනුම්. මොකද සිරිසේන පාර්ශවය අවශ්‍යයි රවීට දිනන්න. “ගෙදර ගියොත් අඹුනසි. මග සිටියොත් තෝ නසී“ කියලා කියමනකුත් තියෙන්නේ...

:       16       279

gunarathnaThursday, 03 August 2017 03:12 PM

සංජීව ඔයාගේ කතාව හරි, ශ්‍රීලංකා නි.පක්ෂයේ අයට අත ඉස්සුවත්, නැතත් ලෙඩේ තමයි. දයාසිරි මහත්තයා කෑ ගැහුවට මෛත්‍රි මැතිතුමා කියන දෙයක් තමයි කරන්නේ. නැතිනම් ඇමතිකම ගහලා යනවා. අනිවාර්යෙන් මෛත්‍රි මහතාට සිද්ධ වෙනවා රවීව බේරාගන්නට.

:       0       118

Kalyana Jayawardena Thursday, 03 August 2017 01:38 PM

මම කිසිදෙයක් දන්නේ නෑ. ඒ හින්ද මම නිර්දෝෂයි.

:       0       53

thamindu dulvan Thursday, 03 August 2017 01:39 PM

පාර්ලිමේන්තුවේ මුළු ආසන 225 කි. අත්සන් කලේ 32 ක් නම් ඒක කොහොමද විශ්වාසභංගයක් කියන්නේ?රවී දැනටමත් ඒක දිනලා වගේ. මේ වැඩෙන් විශ්වාසේ නැති කර ගන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයම වගේ පෙන්නේ. පාර්ලිමේන්තුවේ තවත් නිකන් කාලය කන ගිරව් කෑගහන දවසක් විතරක් වේවි.

:       588       51

piyalThursday, 03 August 2017 05:25 PM

විශ්වාසබංග ගේන්න 10ක් අත්සන් කලත් ඇති. ඡන්දෙ විමසන විටයි ඉතුරුටික වෙන්නේ.

:       1       133

elephant Thursday, 03 August 2017 01:42 PM

රවීව පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත්කර දමමු.

:       1       169

Hafeel Thursday, 03 August 2017 01:47 PM

මෙතන බලන්න පුළුවන් වේවි... කවුද හොරුන් ආරක්ෂා කරන්නේ කියලා..

:       1       286

JEEWA Thursday, 03 August 2017 01:51 PM

මෙතුමා වැරදිද නිවැරදිද යන්න ගැන මම දන්නේ නෑ. නමුත් මේ වගේ අමතක වෙන කෙනෙක් වගකීම් රාශියක් ඇති රාජ්‍ය තනතුරකට කොහෙත්ම සුසුසු නෑ..

:       1       211

PerakumThursday, 03 August 2017 02:08 PM

අමතක වෙනවා විතරක් නොවෙයි ජීවා පවුලේ කට්ටිය ගෙයක් අරගෙන එකේ පදිංචියට යනකල් එයා දන්නේ නැතිලු

:       2       222

Lal Thursday, 03 August 2017 03:00 PM

ගියපාර සතොස ඉවර කළා. මේ පාර මහබැංකුව මංකොල්ල කෑවා. සාධාරණය නීත්‍යානුකූලව ඉටුවෙතැයි සිතීමත් විහිළුවක්. මොහුට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබේවි.

:       0       1

lalith Thursday, 03 August 2017 03:01 PM

ඔන්න අපිව රවට්ටන්න සංදර්ශනයක් දාන්න හදනවා. චෝදනාවක් එල්ලකළ පමණින් මිනිසෙකු වරදකරුවකු වෙන්නේ නැහැනේ. එ්ක නිසා වරද ඔප්පු වෙනකල් ඉඳල ඕක ගෙනෙන්න. පුලුවන් නම් දැන් වරද ඔප්පුකරන්න කටයුතු කරලා එ්කට උදව්වෙන්න. අන්තිමට වෙන්නේ බොරුවට ගිරිය පුප්පගෙන කෑගහල විස්වාසභංගේ පරදින එක විතරයි.

:       215       68

lusena Thursday, 03 August 2017 03:02 PM

ජනාධිපති සිරිසේන මහත්තයෝ, මේ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න තමයි, මහජන ඡන්දෙන් පරාජිත වුණු විජිත් විජිතමුණි, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ඩිලාන්, සරත් අමුණුගම මහත්වරු වගේ පුද්ගලයින් කරලියට ගෙනාවේ. කොහොම වුණත් තමන්ගේ සහ පක්ෂයේ සුඛ විහරණය වෙනුවෙන් ඕනෑම වැඩක් කිරීමට අද ලංකාවේ දේශපාලකයෝ ඉදිරිපත් වෙනවා. සත්‍යය නම් ජනතා මතය යට යනවා විතරයි.

:       1       268

ධම්ම Thursday, 03 August 2017 03:50 PM

මේ එක්කෙනෙක්. බලන් ඉන්නකෝ දත් දොස්තර මහතාගේ කල්කිරියාව එළියට එනකොට කොහොම තියෙයිද කියලා.

:       87       1417

JeewaThursday, 03 August 2017 10:29 PM

Damma ඔයා කියනවා වගේ දොස්තර මහත්තයා අල්ලපු දවසට ඒක ගිනස් වාර්තාවක් වෙනවා. දේසපාලන ඉතිහාසේ ලොකුම හොරා වෙනවා හැබැයි ඔය එක දේශපලකයෙක්වත් හිරේ යන්නෑ ඒක ස්ථීරයි

:       0       1

gunarathnaFriday, 04 August 2017 12:32 AM

දම්ම, ඔය දත් දොස්තර සරත් අමුණුගම වගේ තමා.මොනවා හරි කරලා ආණ්ඩු පක්ෂේ තමා හැමදාම ඉන්නේ.

:       0       1

rohana Thursday, 03 August 2017 10:10 PM

අපේ රටේ දේපල කොල්ලකෑම නවතන්නේ කවදද?

:       0       0

upul Friday, 04 August 2017 03:36 AM

ඇත්තටම දෝෂාභියෝග ගෙන්න ඕන විපක්ෂයෙන් ද නැත්නම් පක්ෂයක් විදිහට එජාපය විසින්ද? පක්ෂ අභ්‍යන්තර විනය පරික්ෂණයක් තියලා ඉක්මන් ක්‍රීයාමාර්ග ගැනිම තුලින් පක්ෂයත් ආරක්ෂාව ජනතාව සතුටුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 303 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 789 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site