IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රූපලාවණ්‍ය දොස්තරට ඇප

බම්බලපිටිය රූපලාවණාගාරයේ හිමිකරු දොස්තර නිමල් ගමගේ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒඑම් සහාබ්දීන් මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දොස්තර පී ඒ ප්‍රියංගා ගේ මරණය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියේය.

දොස්තර ගමගේගේ ගමන් බලපත්‍රයද උසාවි භාරයට ගැනිණි.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියම විය.

 

 

 



අදහස් (0)

රූපලාවණ්‍ය දොස්තරට ඇප

ජයාත් Wednesday, 03 September 2014 10:16 AM

මේ සිද්ධිය වුණ මුල් දවස්වල මේ පුවත අදහස් වලින් පිරිලා. අද මේකට කවුරුවත් මොකුත් කියලා නැහැ. මෙයා කවදාහරි නිදහස් වෙලා ඒවි (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 September 2014 05:31 AM

මගේ හිතට නම් ඇපදීම පමණක් ප්‍රමාණවත් නැහැ (නි)

:       0       0

සාරංග Wednesday, 03 September 2014 05:35 AM

ආ එන්න එන්න, කට්ටියම ආයෙත් පෝළිමට එන්න ලස්සන වෙන්න. ඔන්න ඉතින් අපේ කට්ටිය පෝළිම හැදිලා ලස්සන වෙන්න පොරකනවා..... (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 September 2014 02:09 PM

කොහොමද ජයත් ලියන්නේ ? තාම කට්ටිය චීන රුමතියන් දැකලා සිහිය නැති වෙච්ච ගමන්නේ. ! (අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 03 September 2014 02:14 PM

අනිත් අදහස් පලකරන්නන්ගේ මතය ජයාත් මහත්තය කියල තියනවනේ .ඒ හින්ද මෙතන අදහස් පල කරලා වැඩක් නැ.(අ)

:       0       0

කෝසල Wednesday, 03 September 2014 06:39 AM

දොස්තරගේ අතින් සිදුවුණ මේ මරණය අත්වැරදීමක්. මේ වගේ දෙයක් රජයේ රෝහලක වුණා නම්? මේ දොස්තර කරන සැත්කම් ලංකාවේ හුඟක් දුර්ලභයි. මොහුගේ හුඟක් වැඩසටහන්, සැත්කම් මම අන්තර්ජාලයෙන් නැරඹුවා.ඒක නිසා මේ වගේ දැනුමක් තියෙන දොස්තර කෙනෙකුට අපි අනුකම්පා කළ යුතුයි. (නි)

:       0       1

ගිහාන් Wednesday, 03 September 2014 07:08 AM

ගමේ ගොඩේ වෙදෙක්ගේ අතින් මෙහෙම දෙයක් වුණා නම් දැනටමත් මොනවා වෙලා තියෙයිද? (නි)

:       0       0

කුමාර Wednesday, 03 September 2014 04:21 PM

සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුට බෙහෙතක් විදීමට හැකියාවක් ඇත. විදින බෙහෙතක් ඕනෑම කෙනෙකුට විෂ විය හැක. ඒ සඳහා මුලික පහසුකම් එම ස්ථානයේ තිබිය යුතුය.මීට වඩා භයානක දේවල් සුදුසුකම් නැති රූපලවන්‍ය ශිල්පින් මුදල් සඳහා කරමින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළයි.මේවා ගැන මීට වඩා සොයාබැලිය යුතුය (නි)

:       0       0

සමාධි Wednesday, 03 September 2014 07:34 AM

ගමන් බලපත්‍ර උසාවියට ගත් එක නම් හොඳයි. හැබැයි මෙයා නැවතත් ලස්සන වෙන්න බෙහෙත් විදින්නයි රූපලාවණ්‍ය සැත්කම් කරන්නයි පටන් ගත්තොත්හෙම තව කී දෙනෙක් මැරෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ජයත් Thursday, 04 September 2014 06:53 AM

එ්ක නම් ඇත්ත ජෙහාන් ලංකාවේ අපි ඔක්කොම දැන් "මම්මදු " කරලා තියෙන්නේ හරි මොකද්ද වැරැද්ද මොකද්ද කියල හුඟ දෙනෙකුට හිතා ගන්න වත් බැහැ අපි බලමු ! (නදී)

:       0       0

කිංස්ලි පෙරේරා බහරේන් Wednesday, 03 September 2014 07:17 PM

පරිස්සමෙන් කෙල්ලනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site