IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රන් පදක්කම් ලාභී නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

වේල්ස්’හි පැවැති ‘වේල්ස්’ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න සමත්විය. නිලූක විදෙස් තරග සංචාරයේදී අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවී තරගාවලි තුනකම රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටියි. නිලූකගේ මෙම දස්කම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් විදෙස් තරග සංචාරයකදී දැක්වු හොඳම දක්‍ෂතාව ලෙස ද වාර්තාවේ. මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක* 165 වැනි ස්ථානයේ සිටි නිලූක මේ වන විට ශ්‍රේණිගත කිරීමේ 87 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. වේල්ස් තරගාවලිය ජය ගැනීම නිසා ඔහුට ශ්‍රේණිගත කිරීමේ 70 ත් 80 ත් අතර ස්ථානයකට ඒමේ අවස්ථාව හිමිවන බවද වාර්තාවේ. අවසන් මහා තරගයේදී බැඩ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන මලයාසියාවේ කී‍්‍රඩක චොන්ග් චී ලොක් වට තුනක තියුණු තරගයකින් පසුව පරදවා නිලූක වේල්ස් තරගාවලිය ජය ගත්තේය. එහිදී නිලූක 21/16, 18/21 සහ 21/19 ක් ලෙස තරග ජය ලැබීය. මෙම තරගාවලියට නිලූකගේ සොහොයුරු දිනුක කරුණාරත්න ද සහභාගි වු අතර ඔහු අවසන් පුර්ව වටයේදී චොන්ග් චී ලොක් හමුවේ පරාජයට පත්විය. ඇමරිකාවේ පැවැති ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ අන්තර්ජාතික බැඞ්මිටන්ටන් තරගාවලිය, පුවර්ටෝ රිකෝ’හි පැවැති ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නිලූක රන් පදක්කම් දිනා ගත් තරගාවලි වේ. ස්කොට්ලන්තයේ පැවැති ‘ස්කොටිෂ් අන්තර්ජාතික විවෘත’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් ක‍්‍රීඩකයන් අට දෙනා අතරට ඒමට හෙතෙම සමත්විය.



අදහස් (0)

රන් පදක්කම් ලාභී නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

shiraz Tuesday, 06 December 2011 04:04 PM

දැන් ක්‍රිකට් බලන එක නවත්වලා බැඩ්මින්ටන් එක බලමු.

:       0       0

සෑම් Tuesday, 06 December 2011 04:36 PM

හොද ළමයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site