IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


රනිල් 76වැනි උපන් දිනය සමරයි

(අංජුල මහික වීරරත්න)

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.

රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්විණි.

සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද මෙහිදී  පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට  රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමේ වැඩසටහනක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ද අද (24) පෙරවරුවේ පැවැත්වුණු අතර දේශපාලන නායකයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (22)

රනිල් 76වැනි උපන් දිනය සමරයි

වින්සන්ට් කජ්ජා Monday, 24 March 2025 09:22 PM

වැස්සට ගහගෙන ආව කුණු රොඩු එක තැනක. අතුගාලා දාන්න ලේසියි.

:       9       4

ප්‍රියන්ත Monday, 24 March 2025 09:31 PM

රට වැටුනෙත් මෙයාලා ගත්තු තීන්දු තීරණ නිසාම තමයි හාන්දුරුවනේ!

:       55       67

අන්දරේ Monday, 24 March 2025 10:01 PM

රට වැටෙන්න දැං බලයේ ඉන්න කට්ටිය කරපු දේවල් මොකුත්ම නැද්ද ප්‍රියන්ත.

:       1       10

ලලනිTuesday, 25 March 2025 09:16 PM

ඔබේ මන්ද මානසික මොලයට නොතේරුණාට, රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුව ජවිපෙ ක්‍රියාවත්, තිස් අවුරුදු යුද්ධයවත් නොව, රනිල් සහ පොහොට්ටු කාරයින්ගේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති සහ අතිමහත් දූෂණ වංචාවල් ය. කිසිඳු අවශ්‍යතාවයක් නැති, කිසිඳු සුදුසුකමක් නැති, ජනාධිපති උපදේශකලාම 92ක් තියන් ජනතා මුදල් විනාශ කළ මිනිහෙක් ගැන තව කුමන කතාද?

:       1       0

ජිල්බු Monday, 24 March 2025 10:04 PM

ඒ උනාට එතුමන්ලා හරි දියුණුවුනානේ. කන්න බොන්න නැතුව හිටියත් අපිට සතුටු නැද්ද ...

:       5       2

සූටිං මාටිං Monday, 24 March 2025 10:04 PM

දැං ඔන්න පැලවත්තෙං පඩි ගන්න සෙට් එක කුපිත වෙයි.

:       3       8

Asela Monday, 24 March 2025 10:17 PM

මේ රටේ අනෙක් නායකයින් හා සසඳන විට, රනිල් අනෙක් සියලුම විකටයන්ට වඩා ටිකක් හොඳ විය. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ රනිල්ට වඩා දක්ෂ දේශපාලනඥයන් සිටී. නමුත්, රට මෙහෙයවීමට 21 වන සියවස මෙහෙයවීමට අපට නායකයෙකු අවශ්‍යයි, නමුත් අහෝ, අපට එවැනි නායකයෙකු නොපෙනේ. නරකම දෙය නම්, අපි දැන් විහිළුකාරයින් සහ විකටයන් සමූහයකට කොටු වී සිටීමයි, විකාර කතා කිරීමට සහ උදාසීන ආකල්පයෙන් රට ආපසු හැරවීමට පමණක් හැකියාව ඇත.

:       6       6

තර්ස්ත මාෂල් Monday, 24 March 2025 10:22 PM

රට බංකොලොත් කලේ රනිල් මහත්මයා නෙමෙයිනේ . මේ රට හොද තැනකට ගේන්න ඔහුට බැරිවුනේ එකට හිටපු අය ලව්වා කරපු කුමන්ත්‍රණ මගින් . වැටිච්ච වෙලේ කය්වාරු ගහන්නේ නැතුව ඉදිරිපත් වෙලා බේරා ගත්තෙත් ඔහු . අද ආණ්ඩු කරන්න රටක් ඉතුරු වුනේ ඒ නිසයි .

:       5       14

Neel Monday, 24 March 2025 11:42 PM

මම හිතන්නේ ඊළග බර්ත් ඩේ එක වැලිකඩ බන්ධනාගාරයේ ගමු කියල.

:       20       7

පොඩිඑකා Monday, 24 March 2025 11:59 PM

බලාගෙන ගියාම අපේ රටට ‘76 වසරක ශාප’ දෙකයි!

:       15       7

පුරවැසියා Tuesday, 25 March 2025 12:34 AM

සමරන්න සමරන්න. මොකද මේ ආත්මෙන් පසු තවත් බුදු වරුන් දහස් ගණනක් මේ ලෝකෙට පහළ උනත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැති මිනිහෙක් නේ.

:       16       5

Perera Tuesday, 25 March 2025 05:46 AM

රට බංකොලොත් වෙන තැනට ගෙනාපු එවුන් කොහොමද රට ගොඩ ගන්න දායක වූවා කියන්නේ?

:       13       6

Nimal 1 Tuesday, 25 March 2025 05:51 AM

ඔහුට නින්දිත ධාවන වාර්තාවක් ඇති අතර ඔහුගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය බටලන්දයි.

:       14       6

nalaka Tuesday, 25 March 2025 06:03 AM

ඉන්න උන් දැකපුවහම කියන්න පුලුවන් , රට කෙසේ වෙතත් පොරවල් නම් හොදටම වැටිලා කියලා ...

:       9       6

Chathuri Tuesday, 25 March 2025 06:54 AM

අකලට වයසට ගිහින් තියෙන්නෙ. කාපු කජුවල හැටියට. අවෘදු 76. මුලුදිවයිනටම ලොකුම බරක් නොමිලේ අධයාපනය. ඊටපස්සෙ. ජිවිත කාලයම සැප වින්දා. රට බන්කොලොත් වෙනකම්. මොනවද මුන් කෙරුවේ පාඩු පිට පාඩු. වාහනයේ ඉදලා අමාත්‍යංශයට යනකම්. බැංකු ත් බන්කොලොත් කරලා. ජනතව. මහපාරට දාලා නාකි නඩේ සැප වින්දා. මේ වගේ උන් හින්දා බට ලන්දේ මරපු අය වෙනුවෙන් දායක පින්කමක් කරන්න හිතක් වත් නැතිව ඇති.

:       14       5

අකිල Tuesday, 25 March 2025 07:03 AM

බත් බැලයෝ දාල කොච්චර වර්ණනා කර ගත්තත් රනිල් බේරාගත්තු රටක් නැහැ කියල මේ රටේ මිනිස්සු දන්නවා , ඒකනේ ලැබුණු පලවෙනි මතිවරනේනෙන් ම එලවල දැම්මේ , ඔච්චර වීර වැඩක් කරා නං රටේ මිනිස්සු චන්දෙ දිල ආපහු ජනාදිපති පුටුවෙම තියා ගන්නවනේ ? කරපු එකම දේ IMF එකේ කොන්දේසි ඔක්කොටම එකග වෙලා ණයක් අරගෙන රටේ මිනිස්සුට ජිවත් වෙන්න බැරිවෙන්න බදු වැඩි කරපු එක විතරයි

:       11       6

සරත් ධර්මකීර්ති Tuesday, 25 March 2025 07:38 AM

ගරු හිටපු ජනාධිපති තුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.

:       6       18

ගුණරත්න Tuesday, 25 March 2025 07:44 AM

සුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමනි !!!

:       7       17

Daya Gamage Tuesday, 25 March 2025 08:14 AM

ලොක්කා!! 76 කියන්නේ හොඳ අංකයක් නෙවෙයි. 7 6 = 13. 2048 වෙනකම් ජීවත් වෙන විදිහ ගැන සැලකිලිමත් වෙන්න!! බටලන්ද තමයි ප්‍රධානම පරාජය.!!!

:       16       6

සාලිය Tuesday, 25 March 2025 08:30 AM

රට වැට්ටුවේ කවුද කියන්න කෙනෙක් නැති හැටි, කේක් කපන්න මහත්තයා හරිම ආදර්ශයක් රටටම...

:       13       1

prasanna Tuesday, 25 March 2025 12:21 PM

රනිල්ගේ ඊළඟ උපන්දිය වෙද්දි ආණ්ඩු බලය සියයට 3 කින් වැටිලා තියේවි වගේ යන විදියට

:       0       6

ගමේ එකාලා Tuesday, 25 March 2025 08:45 PM

රනිල්ට පින් ජනපතිකම බාර දුන්නා. දූෂිත පවුල් පාලනේ රැකුණා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා බන්කොලොත් කරපු රටක අනුන්ගේ පව් කර ගහන්න කවුද කැමැති...? පළාත් පාලන ඡන්දේ ප්‍රකාශයට පත්කරලා ඒකත් නොතියපු කෙනෙක් ගැන මොන කතාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1733 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 788 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 816 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 459 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1833 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 577 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 886 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site