IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය) 

මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ  වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු රුපියල්  ලක්ෂ අසූවක් පමණ වටිනාකමකින් යුත් රන් සහ ගෘහ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

හොරණ ප්‍රදේශවාසීයෙක්  කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මහරගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලින්ද මෙසේ වංචාකිරීම් කර ඇති බවත් පොලිසිය සදහන් කරයි.

වංචාකල  රන්ග්‍රැම් 300 ක් පමණ සහ වංචාකල  මුදලින් මිළදීගත් රෙදිසෝදන මැෂින් 2 ක්, ශීතකරණ 2 ක්, පුටු සෙට් , කණ්නඩි මේස, ත්‍රිරෝද රථයක්  ඇතුළු ගෘහ උපකරණ රැසක් සහ පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

 



අදහස් (0)

රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 643 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site