IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ  කර පැළඳ  රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

ප්‍රධාන කළමනාකාර නිලධාරීනිය  ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයෙන් පැමිණ   සුහුරුපාය සුපිරි වෙළඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමගම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැලඳි රන් පැහැති මාලය කොල්ලකා පලා යාමේදී  ඇයගේ කෑ ගැසීම ඇසී අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී  රථ වාහන රාජකාරිය යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීයෙකු සැකකරු පසුපස හඹා ගොස්  අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයා සුහුරුපාය පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් තලංගම පොලිසිය වෙත භාරදී ඇත .

අනතුරුව සැකකරු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී   ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ  රන්මාලය උකස් තැබූ බවත්  එය බේරා දෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින්  කොල්ල කෑම සිදුකළ බව අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු සිදුකරන ලද  ප්‍රකාශය  පිළිගත නොහැකි බවත්  කොල්ල කෑම සඳහා තවත් පුද්ගලයෙකු  සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රන් පැහැති මාලය හිමි  ප්‍රධාන කළමනාකාර නිලධාරිනිය  පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ  එම මාලය රුපියල් පන්දහසක් පමණ වටිනා එකක් බවත්   කොල්ලකරුවන් සිටින බැවින් තමන් පුරුද්දක් ලෙස රන්   ආභරණ නොපලදින  බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙකි .සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (4)

රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී

Samitha S. Aluthgamage Wednesday, 12 April 2023 09:23 AM

පොලීසියේ අය කරනා හොරකම් ගැන නිතර නිතර අසන්නට ලැබේ. මේ හසුවූ ඒවා පමණී. හසු නොවන ඒවා තව කොතරම් ඇතිද? පොලීසියේ සුළු පිරිසක් කරන මේ වැඩ වලින් සමස්ත පොලිස් සේවයමත් අපකීර්තියට පත්වේ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා අදාළ ඇමැතිවරයා ගන්නා පියවර ගැන රට දැනුවත් කළ යුතුයි.

:       0       15

පුරවැසියෙක්... Wednesday, 12 April 2023 11:19 AM

අතීතයේදී පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවට බඳවාගනු ලැබූයේ වැදගත් පවුල් පසුබිමක් සහිත අයයි. එය එසේ නොවීමෙන් මෙවන් කාලකන්නි තත්ත්වයක් උදාවී ඇත. ඉහළ සිට පහළටම අද ජරා ජීර්ණ වී තිබේ....

:       5       23

ලසන්ත Wednesday, 12 April 2023 06:38 PM

ඒක ඇත්ත ඉස්සර කාලයේ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ පමණින්ම බඳවා ගත්තේ නැහැ... චරිත සහතික දෙකක්වත් ගත්තා එයට අමතරව පොලිසිය මගින්ම ඔහුගේ වගතුග සොයා බලනවා සම්මුඛ පරීක්ෂණ කරන්නේ එයට පසුව තමයි. පොලිසිය විතරක් නොවෙයි බන්ධනාගාරය සඳහාත් එහෙම තමයි. එහෙම නොකිරීම නිසා තමයි රටට මෙහෙම හෙනයක් වැදිලා තියෙන්නේ...

:       0       0

Waleboda Wednesday, 12 April 2023 05:48 PM

පුදුම වෙන්න දෙයක් නැහැ හොරා පොලිස් කාරයෙක්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site