IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රන්ජන්ගෙ සුවදුක් සොයන්න නාමල් බන්ධනාගාරයට

( නිමන්ති රණසිංහ සහ ඩී.ජී. සුගතපාල )

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) සවස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සිටි අමාත්‍යවරයා පැය භාගයක් පමණ රන්ජන් රාමනායක මහතා සමඟ කථා බස් කිරීමෙන් පසු පිටත්ව ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඬුවමක් නියමවූ අතර මේවන විට ඔහු පැලැස්ස බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා තබා සිටී.

 



අදහස් (11)

රන්ජන්ගෙ සුවදුක් සොයන්න නාමල් බන්ධනාගාරයට

Nihal Friday, 16 April 2021 05:10 PM

අපිට අපහාස කරන හැටියට නඩු දාන්න ගියොත් වෙන වැඩක් කරන්න කාලයක් නැහැ.

:       1       12

mali Friday, 16 April 2021 05:46 PM

"ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියලා කතාවක් තියෙනවනේ...

:       2       20

hussain Friday, 16 April 2021 07:27 PM

නාමල් මහතාණෙනි, ඒක හොඳයි.

:       15       6

Karunarathna Gampola. Saturday, 17 April 2021 03:18 AM

ගරු මැතිතුමනි, ගරු රංජන් මැතිතුමාට පොදු සමාව ලබාදීම උදෙසා ගරු ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබා දෙන්න. එතුමා නලින්, කටින් ගොඩගත්තොත් එතුමාගේ අනාගතයට සුබඵලදීමට එයත් ඉවහල් වේවි.. එය ඉටුවේවා..!!!

:       8       7

Bamunuarachchi Saturday, 17 April 2021 04:56 AM

"ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" ලු. ලජ්ජා නැතිකමද නැතිනම් වෙන වෙන දේවල් කර දෙන්න කියපු හඬපට හාදයා ළඟ තිබෙන නිසාවත්ද?

:       6       15

Nihal Saturday, 17 April 2021 05:04 AM

ඒකයි බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ..

:       2       11

Rata Perata Saturday, 17 April 2021 07:19 AM

මීට වැඩිය හොඳයි අර බාප්පා මානසික වෙදෙක් ළඟට අරගෙන යන්න පුළුවන් නම්... නැතිනම් අපේ රට ඉවරයි.

:       4       27

pradeepa Saturday, 17 April 2021 07:33 AM

මල්ලි මේ ඔක්කොම හොරු මල්ලි. උපුටා ගැනීම රංජන් රාමනායක...!

:       0       17

Pathum Saturday, 17 April 2021 08:38 AM

සමහරවිට රංජන් පොහොට්ටුවට යන්න කැමැතියි කියන්න ඇති. නාමල්ට ඕනෑ දෙයක් කරන්න බලය තියෙනවා.

:       6       3

beau Saturday, 17 April 2021 08:50 AM

අයියෝ මේ මොකද?

:       1       3

p.d goonawardena Sunday, 18 April 2021 03:24 AM

අලුත්අවුරුද්දේ වෙන වැඩ නැද්ද​???

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site