IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රනිල් මසකට වරක් ණය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩු බවට තොරතුරු ලැබී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා රජයේ විදේශ විනිමය සංචිතය පිළිබඳව පැහැදිලි තොරතුරු රජයට ලබාදිය යුතුව තිබෙන බවද සඳහන් කළේය.

"ව්‍යවස්ථාව 148 වන වගන්තියේ රාජ්‍ය මුදල් පාලනය ලැබී ඇත්තේ මේ පාර්ලිමේන්තුවටයි.අප විටින් විට ඉල්ලා තිබුනත් ඒ සමහර තොරතුරු ලැබී නැහැ.මා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

හැම මාසයකම පළමු සතියේ දී අපට රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් මේ සභාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.එවිට අපට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා.

අද තිබෙන සමහර කරුණු වල චීනයෙන් සහ ඉන්දියාවෙන් එන currency swap (මුදල් හුවමාරු)සහ credit line ඇතුළත් කර තිබෙනවා.ඒ ගණන් හිලව් අපට වෙනම ලබාදෙන්න . මෙි තොරතුරු ලබා දෙනවා නම් අඩු ගණනේ මූල්‍ය ස්ථාවර බවක් ඇතිවෙනවා"යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (4)

රනිල් මසකට වරක් ණය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

uk ran Thursday, 10 February 2022 08:40 PM

ඊට ඉස්සෙල්ලා ඔයා හම්බන්තොට වරාය විකුනලා ගත්ත සල්ලි වලට කරපු දේ පෙන්නන්න .එදා ඉඳන් රට කාලා දැන් බොරු ශොව් දාන්න එපා

:       1       1

chandima Thursday, 10 February 2022 11:52 PM

ඒ තොරතුරු දුන්නොත් අර හොරකම් කරපු සල්ලි ආපහු ගේනවද ?

:       3       1

Demuni Uduwara Friday, 11 February 2022 04:23 AM

නීත්‍යානුකූල ප්‍රඥප්තියක්!

:       0       1

p.d goonawardena Friday, 11 February 2022 09:50 AM

ඒ කාලේ මහ බැංකුව සුද්ද කරපුවා මහහරියටම හරිද කියලා බලන්න වෙන්න ඇති..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site