
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත.
රනිල් මැල්කම් ජයවර්ධන මහතා රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනැමිණි. 38 හැවිරිදි ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන මහතා හිටපු කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ. ඔහු 2015 සිට 2024 වසර දක්වා ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළේය.
රාජ්‍ය සේවය සෑම විටම තමාට සහ තම පවුලට වැදගත් වූ බවත් එය තමාගේ ඇදහිල්ලක් බවත් ජයවර්ධන මහතා පැවැසුවේය. එය ප්‍රජාවට සහ රටට ආපසු ලබා දීමට අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් මැල්කම්ට නයිට් පදවියක්
Rajakaruna Wednesday, 01 January 2025 12:28 AM
රටට ආඩම්බරයක්...!
chandima Wednesday, 01 January 2025 08:23 AM
කවුද මේ? ප්‍රජාවට සහ රටට ආපසු ලබාදෙනවා කියන්නේ එංගලන්තයට මිසක් ලංකාවට නෙවෙයි නේද? මෙය ලංකාව වෙනුවෙන් මොනවත් දෙයක් කරලා තියනවා නම් අපටත් කියන්න සතුටු වෙන්න.
Chathura Wednesday, 01 January 2025 10:55 AM
ඒ ඉතින් එංගලන්තයේ... ඒකට අපේ රනිල්ට... පරද්දලා ගෙදර යවලා ඒකේ දුක්ඛිත ප්‍රතිඵල විඳින මෝඩ මිනිස්සු වෙසෙන රටක්.. අපිට ඉන්න රනිල්ගෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑ.
Perera Wednesday, 01 January 2025 03:15 PM
එංගලන්තයේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ, අපේ රනිල්ට නයිට් නම්බු නැහැ.
Nimal Wednesday, 01 January 2025 08:26 PM
අපේ උන් කරන්නේ ඒ මිනිහාටත් බැන බැන ඉන්න එක