රන්බීර් කපුර් ආකර්ෂණීය පෞරුෂයක් ඇති නළුවෙකි. ඔහු හමුවන්නට පෙරුම් පුරන කාන්තාවන් අනන්තය. එහෙත් කාන්තාවන් හමුවේ ඔහු චරිතවත් පිරිමියෙකු නොවන බව නම් කිව යුතුමය. ඔහු සෝනාම් කපුර්, දීපිකා පදුකෝන් පමණක් නොව කත‍්‍රිනා කායිෆ් සමඟද සම්බන්ධකම් පැවැත්වූයේය. එහෙත් තවමත් ඔහු අවිවාහකය.
රන්බීර් කපුර් සිය පෞද්ගලික ජීවිතය ගැන ප‍්‍රසිද්ධියේ කතා කරන්නට අකැමැති අයෙකි. එහෙත් මේ මෑතකදී ඔහු විසින් හෙළි කරන ලද රහසක් සියලූ දෙනාගේම සිත් කළඹන්නට සමත් වී තිබේ.
කොෆි විත් කරන් වැඩසටහන බොලිවුඞ් නළු නිළියන් සම්බන්ධකරගෙන චිත‍්‍රපටි අධ්‍යක්ෂ කරන් ජොහාර් විසින් මෙහෙයවනු ලබන විනෝදාත්මක වැඩසටහනකි. මෙහි පස් වන සැසියට සහභාගී වූයේ රන්බීර් කපුර්, රන්වීර් සිං සහ අර්ජුන් කපුර්ය.
ඔබ කෙදිනක හෝ ඔබේ මිතුරෙකුගේ පෙම්වතිය සමඟ නිදාගෙන තිබේද...? එහෙම නම් අර්ජුන් ගේ කම්මුල සිප ගන්න...
කරන් එහිදී පැවසුවේය. එසැනින්ම රන්බීර් කපුර්, අර්ජුන්ගේ කම්මුලක් සිප ගත්තේය.
ඒ මගෙ හිටපු පෙම්වතියන්ගෙන් කෙනෙක් නෙමෙයි නේද....
අර්ජුන් විමසද්දී ඔහු සිනාසී පැවසුවේ එය එසේ නොවන බවය. ඒ කාගේ කවුදැයි දන්නේ රන්බීර් කපුර්ම පමණකි.
කෙසේ වුවත් තමා විශ්වාසය තැබිය හැකි මිනිසෙකු නොවන බව 2011 දී ඔහු සිනමා සඟරාවකට ප‍්‍රකාශ කර තිබිණි. ඒවන විට ඔහු සම්බන්ධකම් පැවැත්වූයේ දීපිකා පදුකොන් සමඟය. තමා ඇයට ද්‍රෝහී වූ බැව් ඔහු පිළිගත්තේය.
‘‘ඔව්.... මම දීපිකා රවට්ටලා තියෙනවා. ඒ කාලෙ මම අත්දැකීම් අඩු කෙනෙක්.... පෙළඹවීම්වලට වහාම ප‍්‍රතිචාර දක්වන කෙනෙක්. ඒ වගේම පේ‍්‍රම සම්බන්ධයක වටිනාකම මම දැනගෙන හිටියෙ නෑ.... ඒත් තමන් තේරුම් ගත්ත තමන් කෙරේ විශේෂ බැඳීමක් ඇති කෙනෙක් එක්ක පවත්වන පේ‍්‍රම සම්බන්ධය ජීවිතයට මොන තරම් වටිනවද කියලා මම දැන් දන්නවා.’’
එසේ කීවේ වී නමුත් කත‍්‍රිනා කායිෆ් සමඟ එකම නිවසක ගත කළ ජිවිතයත් ඔහු නිමා කළේය.
‘‘බොලිවුඞ් නළුවෝ පේ‍්‍රම සම්බන්ධයක වටිනාකම තේරුම් ගන්නේ වයසට ගියාම තමයි...’’
සමහරු සරදමට එසේ කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රන්බීර්ගේ හතුරුකම