IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට විරුවන්ගේ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශගත ශ්‍රී ලාංකිකයන්  එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

විදේශ ප්‍රේෂණ මත කිසිඳු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්  එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

තවද විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු හෝ වෙනසක් නොමැතිව භුක්ති විඳිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 



අදහස් (10)

රට විරුවන්ගේ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Muthu Sunday, 04 December 2022 11:54 AM

ඩොලර් රේට් මදි. උද්ධමනයට ගැලපෙන රේට් එකක් දෙන්න. ඔය මොනවා කිව්වත් වැඩක් නෑ...

:       13       29

Dinesh Gayan Dubai Sunday, 04 December 2022 01:21 PM

ඔය මොනවා කිව්වත් වැඩක් නෑ.. මිනිස්සුන්ගෙ මූල්‍ය සුරක්ෂිතතාවය සහ විශ්වාසය හදන් නැතුව. මිනිස්සුන්ට විශ්වාසයක් නෑ... රජයේ ප්‍රතිපත්ති ගැන, මූල්‍ය පද්ධතිය ගැන. අනික් පැත්තෙන් සුදු අලි නඩත්තු කිරීම නාස්තිය, දූෂණය එහෙම්මයි. ඒ නිසා විදේශගත ශ්‍රමිකයින්ට ජීවිතකාලෙ ජීවත් වෙන්න හම්බකරපු මුදල් ආණ්ඩුවලට සූදු කෙලින්න දෙනවාට වඩා සුරක්ෂිත කරගන්න විදි ගැන හිතන්න...

:       3       31

මයුර Sunday, 04 December 2022 01:55 PM

මේ හැතිකරේ නඩත්තු කරන්න අපි එවයි ඩොලර්...

:       7       28

යෝගා Sunday, 04 December 2022 01:57 PM

මෙහෙ ආතක් පාතක් නැතුව කීයක් හරි හොයාගන්න රට ගිය අයට රටවිරුවන් කියලා පුම්බලා. එවන අය තමුන්ගේ පවුල්වලට කීයක් හරි එවයි. අනිත් අයගේ පස්සේ යන්න ඕනෑ නෑ. කොහොමත් මෙහෙ ඉපදිලා නොමිලේ අධ්‍යාපනය බෙහෙත් ගත්ත හැමෝම රටට නයයි කියලා විතරක් මතක තියාගන්න...

:       29       13

anton austria Sunday, 04 December 2022 05:03 PM

ඔයා වගේ හරක් හින්දා තමයි තාම රට මෙහෙම. බත් කන හරක්... නිදහස් අධ්‍යාපනය ලැබුවේ හැමෝම ඔබත්, මාත් අපේම බදුවලින් එහෙම නැත්නම් ඔයාගේ ගෙදරින් නෙමෙයි. අනික රට යන හැමෝම ආතක් පාතක් නැති අය නොවේ... ඔබ කතාකරන විලාසෙන් තේරෙනවා නූගත්කම, ඊර්ෂ්‍යාව, වෛරය... ඔබලා වගේ අය නිසා තමයි රටට ණය වෙලා ඉන්නේ...! 

:       7       20

Asela Sunday, 04 December 2022 02:34 PM

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රට රැකියා කරන අයගේ දරුවන්ට දෙනු ලබන ශිෂ්‍යත්ව අරමුදල් කිසිඳු දැනුම් දීමකින් තොරව අත්හිටුවා ඇත. 2020 වසරේ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු දරුවන්ට ඔවුන්ගේ පළමු වසර අවසන් වෙන්නට ආසන්නව තිබියදීත් ඔවුන්ට ලැබිය යුතු ශිෂ්‍යත්ව අරමුදල් ලැබී නොමැත. මේ ගැන නිසි බලධාරීන් අවධානය යොමු කරන්න...!

:       0       10

Don Sunday, 04 December 2022 05:17 PM

මට මතක් වෙනවා කොරෝනා පටන් ගද්දිම කියපු කතාටික... එතකොට සංචාරකයෝයි, අපියි මිනිස් බෝම්බ.. දැන් පිළිගන්නේ වැඳලා, බෙරගහලා, නටලා... අනේ කාලේ වනේ වාසේ... රටේ ජනතාවත් කැමැතිවෙලා අත්පුඩි ගැහුවා... ගුවන් තොටුපළවල් වහපුවාම... මම විදෙස්ගත ශ්‍රමිකයෙක් වුණාට අපේ ගමේ සමාජ සේවකයෙක්... නමුත් කොරෝනා වෙලාවේ මරණ බියට ඉතාලියේ ඉඳලා එන්න හැදුවත් රටට එන්න දුන්නේ නැහැ. ඉතාලියේ බොස් සහ ඔහුගේ පවුල කිව්වා ඔබ ඔය රටට යන්න එපා. ඔය වගේ රටවල් වැඩක් නැහැ කියලා... ආත්මාර්ථකාමී කියලා. කතාව සහතික ඇත්ත. මොවුන් අපිව මුරුංගා අත්තේ තියන්නේ මොවුන්ගේ වාසියට..

:       5       12

Suranga Sunday, 04 December 2022 05:57 PM

මේ හොර රැල ඉන්න තුරු අපි නං ඩොලර් එවන්නේ නැහැ...

:       5       11

ප්‍රසන්න ජයසෙකර Sunday, 04 December 2022 07:33 PM

මේක කියන මිනිස්සුන්ට කටින්ද කතා කරන්නේ? $1000 එවන විට කීයක්ද කපන්නේ? ඒකයි මිනිස්සු සල්ලි එවන්නේ නැත්තේ...

:       3       4

පිටිගල මිලානෝ Sunday, 04 December 2022 08:06 PM

මයිනාව පිටේ කොටාගත්තු ඉතාලි පච්චයාව හමුවෙන්න කැමතියි. මිලානෝ සන්බාබිලා වලට පැමිණ මාව හමුවන්න.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site