IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.

රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන  කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.

කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ දෙරවල් විවෘත කිරීමට පවා තැත් කරන බව එම පදිංචිකරුවෝ සඳහන් කරති.

ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාලප්‍රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ කදකර කොටි බිය ඉහළ ගොස් ඇතැයි එම වැසියෝ කියති.

මේ පිළිබදව එම නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.

(ශන්ත චන්ද්‍රසිරි සහ ගනේෂන් ක්‍රිෂාන්තන්)

 



අදහස් (7)

රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි

හෙඩ්ලයින් Monday, 09 January 2023 12:55 PM

සත්තු කොහෙද හලෝ හොරකමේ යන්නේ... ඔහෙලා භාෂාව ඉගෙන ගන්නවා.. එහෙම නැත්නම් සත්තුන්ට ගොවිපලවල් දාගෙන කන්න උගන්නනවා.

:       15       39

මහසෙන් Monday, 09 January 2023 09:58 PM

මේක පුවත් වාර්ථාකරනයේ භාශාව හැසිරවීමේ රටාවක්. ටිපර් වෙන්න කේස් එකක් නෙමෙයි . දැනුම ලබා ගැනීමයි වැදගත්.

:       5       5

sugath Monday, 09 January 2023 02:15 PM

මෙවැනි සතුන් කොළඹ වැනි නගරබද ප්‍රදේශයක ගැවසුනා නම්, දැනටමත් මේ සතුන් ඉවත් කර හමාරයි. මේවා සිදු වන්නේ ගම් බද දුප්පත් මිනිසුන් වෙසෙන ප්‍රදේශ වල නිසා, බලධාරීන් ඒ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙවැනි කොටියෙකුට කුඩා දරුවෙක් අහාරයට ගත හැකියි. මෙවැනි සතුන්ගෙන් මිනිසුන්ට අවදානමක් තිබේ නම් උන්ට වෙඩි තැබිය යුතුයි.

:       20       23

Nimal Tuesday, 10 January 2023 03:03 AM

රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි ගැටළුවට විසඳුම කුමක්ද?

:       0       0

anura Tuesday, 10 January 2023 05:02 PM

කලකට පෙර දේශපාලන නායකයෙක් කිව්වා නේ රෑට රෑට ගෙවල් වලට ඇවිල්ලා බලන බව. ඕක කොටියෙක් අහගෙන ඉන්න ඇති.

:       0       9

sisira Wednesday, 11 January 2023 01:03 AM

හොඳට බලන්න මේ කට්ටිය මොකද කරන්නේ කියලා.

:       0       1

Bunny Preena Wednesday, 11 January 2023 10:11 AM

බොහොම භයානකයි. කුඩාදරුවන්ව පැහැරගෙන යන්නත් බැරිකමක් නැහැ. වැසිකිළි පහසුකම් එළියේ තියෙන අයගේ ජීවිතවලට අනතුරු සිදුවිය හැකි යම් විදිහකට හදිසි අවස්ථාවක එළියට පහළියට යන්න වුණා නම් දඩයමේ ආපු කොටියෙකුගේ පහර දීමකට ලක්වෙන්න පුළුවන්. මෙම තත්වය නිසා හැම කර්තව්‍යයක්ම නිවස තුළම සිද්ද කරන්න වෙයි. රාත්‍රී කාලයේ එළියට යන්න බැරි හින්දා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site