IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රට බේරගන්න නම් දේශපාලන බලවේග එක්සත් වියයුතුයි

(නිමල කොඩිතුවක්කු)

අත්වීමට යන බිහිසුණු ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා සියලු දේශපාලන බලවේග එක්සත් වියයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව පැවැති මූලික අන්තර්ගතය යළි බලාත්මක කරගැනීම සදහා ඒකාබද්ධව පෙනී සිටින ලෙසට රටේ සියලුම දේශපාලන පක්ෂ හා නායකයන්ගෙන් හා සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් මේ මොහොතේ  ඉල්ලා සිටින බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

   "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට ජාතිය අමතමින් රටට ඉතාමත්ම වැදගත් වූ ප්‍රතිඥාවක් ලබාදී තවමත් දෙපෝයක් හෝ ගතවී නැත. ඉතාමත්ම මෑත කාලයකදී එතුමා රට හමුවේ ලබාදුන් එකී පොරොන්දු යථාර්තයක් බවට පත්නොකරන බව අද වනවිට පවතින ක්‍රියාකාරීක්වයන් අනුව පැහැදිලි වෙමින් පවති. 22 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මේ රටේ සිවිල් සමාජ බලවේගයන් හා දේශපාලන පක්ෂ ඉල්ලා සිටින සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පවතින පැහැදිලි දුරස්ථභාවය මගින් ඒ බව ඉතා පැහැදිලිය. 

ඒ අනුව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ප්‍රථමයෙන්ම ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2022 මැයි මස 11 වනදින ජාතිය අමතමින් රටට ලබාදුන් ප්‍රතිඥාව නොපමාව යථාර්තයක් කරන ලෙසටය. එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ආණ්ඩුව ප්‍රදර්ශණය කරමින් සිටින අරමුණ හා රටේ පොදු අපේක්ෂාවන් අතර දක්නට ඇති පරතරය සැලකීමේදී අපට ඒ පිළිබදව සාධාරණ විශ්වාසයක් තබාගත නොහැකි බවද එතුමාවෙත වගකීමකින් යුක්තව දැනුම් දෙන්නෙමු.

එබැවින් මේ රටේ අනාගත සුබසෙත උදෙසා පෙනී සිටින වගකීමක් ඇති සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අත්‍යවශයෙන්ම කළයුතුව ඇති දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා වන අපගේ අපේක්ෂාවන් හා ඒ තුළ ගතයුතුව ඇති ක්‍රියාමාර්ග අත්හැර දැමීමට අප කිසිසේත්ම සූදානම් නොමැති බව අවධාරණය කරන අතරම අප මේ මොහොතේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා නායකයන්ගෙන් හා සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව පැවැති මූලික අන්තර්ගතය යළි බලාත්මක කරගැනීම සදහා ඒකාබද්ධව පෙනී සිටින ලෙසටය. 



අදහස් (2)

රට බේරගන්න නම් දේශපාලන බලවේග එක්සත් වියයුතුයි

ganegoda Tuesday, 05 July 2022 11:56 AM

ඔහෙලා කිසි දෙයක් කරන්නත් එපා.., බොරුවට කියවන්නත් එපා, යන්න දෙවියන්ගේ නාමෙන් යන්න...!

:       0       0

kamal Tuesday, 05 July 2022 02:59 PM

මේ කියන්නේ රට බේරාගැනීම ගැන නෙවෙයි... පාර්ලිමේන්තුව බේරා ගැනීම ගැනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site