(අතුල. පි. බණ්ඩාරනායක)

කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාරම්මල ප්‍රදේශයේ පාළු නිවසක සඟවාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පවසයි.

පැහැර ගත් මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු කුවේට් රටේ සේවය කළ ස්ථානයේ අයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ චේතනාවෙන් පැහැර ගැනීම සිදුකර ඇති බවත් බරන්දන හන්දියේදී කැබ් රථයකින් පැමිණි සිව්දෙනකු පැහැරගැනීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී ඇතැයි මාවතගම පොලිසිය කියයි.

සැකකරුවන් මොහු පැහැරගෙන නාරම්මල පොලිස් වසමේ ඉහළ රම්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක සඟවා ගෙන සිටිය බවත් කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු බේරාගෙන සැකකරුවන් සිව් දෙනකු සමග කැප් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පරීක්ෂණ පවත්වන මාවතගම පොලිසිය පවසයි.