
විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ ඇත.
සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, ඩමැස්කස් අගනුවර අල්ලා ගනිද්දී, සන්නද්ධ කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අල්ලා ගැනීමට මොහොතකට පෙර, අසාද් සහ ඔහුගේ පවුලේ අය රැගත් ගුවන් යානය, හමුදා ප්‍රහාරක යානයක ආරක්ෂාව මැද ගුවන්ගත වූ බව වාර්තා විය.
ගුවන් යානය පියාසර කළේ කොහෙදැයි එම අවස්ථාවේ කිසිවකු දැන සිටියේ නැත. යානය රුසියාවේ මොස්කව් අගනුවරට ගිය බවත් අසාද් සහ පවුලේ සාමාජිකයන්ට රුසියාවේ සරණාගතභාවය ලබා දීමට ජනාධිපති පුටින් පියවර ගත් බවත් පැවැසෙයි.
COMMENTS
හොරු රකින්නේ ලොකු රටවල්... අපේ හිටපු සමහර අයත් ලොකුම රටේ ලගිනව නේද
රුසියාවට ගණන ඕනෑ නැති වෙන්න. ඒකාධිපතින් ආරක්ෂා කරනවට...