IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති

තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් අගනුවර එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය. ඇෆ්ගන් වැසියන් ගුවන් යානාවලට ගොඩවීමට පොරකෑමට පටන් ගැනීමත් සමඟ කාබුල් ගුවන් තොටුපොළ වසා දැමුණි.

කාබුල් ගුවන්තොටුපොළේ තවමත් ආරක්ෂාව ඇත්තේ ඇමෙරිකන් හමුදා සහ ඇෆ්ගන් හමුදා සතුවය. ඇමෙරිකාව පවසා ඇත්තේ තවමත් ඇෆ්ගනිස්තානයේ තම සොල්දාදුවන් 44,000 ක පිරිසක් තවමත් රැදී සිටින බවය. මේ වනවිට කාබුල් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය මුළුමනින්ම හිස් කර අවසන් බව ඇමෙරිකාව පවසා ඇත.

තලේබාන්වරුන් පවසා ඇත්තේ තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන්ට පිටවී යෑම සඳහා අවසර ලබා දෙන බවය.

රටවල් 66 කට වැඩි ගණනක් විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගනිස්තානයේ සිටින තම වැසියන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගන් නුවර සිටින සිය රටවැසියන් ආපසු ගෙන්වා ගැනීම කටයුතු කළේය.

ඇෆ්ගනිස්තානයේ සිටි නවසීලන්ත වැසියන් 53 දෙනකු සහ ඇෆ්ගන් සංග්‍රාමයට සම්බන්ධ වුණු නවසීලන්ත සොල්දාදුවන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නවසීලන්තයට ගෙන්වා ගැනීමටනවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් කටයුතු කළාය. එය සිදුවූයේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් ගුවන් යානයක් යොදා ගනිමින් යැයි වාර්තා වේ.

මේ අතර, යුනයිටඩ් එයාර්ලයින්ස්, බ්‍රිටිෂ් එයාර්වේස්, වර්ජින් ඇට්ලැන්ටික් යන බටහිර ගුවන් සේවා පවසා ඇත්තේ ඔවුන් ඇෆ්ගනිස්තානයට ඉහළින් ඇෆ්ගන් ගුවන් සීමාව භාවිතයට නොගන්නා බවය. ඒ, තලේබාන් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බැවිනි. එමිරේට්ස් ගුවන් සෙවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්තානය බලා යන ගුවන් ගමන් සියල්ල නවතා දැමූ බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති

Rata Perata Monday, 16 August 2021 07:42 PM

ලාංකීය ජනතාවත් අපේ රටෙන් පනින්න පටන් අරගෙන තියෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site