ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
ජිනීවා නුවරදී අද (8) ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ දී රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැතැයි සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටට අහිතකර යෝජනාවක් එයට ඉදිරිපත් වුවහොත් හිතකර අයුරින් සංශෝධනය කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් රණවිරුවන් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියට ගෙනයාමේ කිසිදු යෝජනාවකට එකඟ නොවන බව ඇමැතිවරයා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැත්වෙන අයවැය විවාදයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
මිත්‍රවරුනි, පචඇල්ලගේ තව ටොම් පචයක්. නමුත් ලක්ෂ 62 මී කුලය නම් සත්‍යයක් කියා හිතාඉන්න දෙයක්...
මේ අය කියන කතා පිළිගන්න අය ලංකාවේ තවම ඉන්නවද ?
ඔබතුමා ගැන අපට හරිම විශ්වාසයක් තියෙන්නේ අපිට මතකයි ඕන කෙනෙකුට විස්වාස කරන්න පුළුවන් කියලත් කිව්වනේ
අනේ ඔව් මොනවට කියනවද?
ඕන ගොනෙකුට පේනවා ඔයා මෙච්චර කල් කරේ මොනවාද කියලා..