
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද ඔහු කීවේය.
හිටපු අමාත්‍යවරයකු වන සාලින්ද දිසානායක මහතා කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 76ක් ඔහු පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21 නිසරු ඉඩම් බව පවසා ලබාදී ඇති බවත් ඊට අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතාගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය කෘෂි ව්‍යාපෘතියකට යැයි පවසමින් ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇතත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
හිටපු නාවික හමුදාපති වසන්ත වසන්ත කරන්නාගොඩ මහතාට වගා ව්‍යාපෘතියක් කිරීමට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබා දී ඇති බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා වගා ව්‍යාපෘතියක් සදහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චි මහතාගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී ඇති බවද කීවේය.
COMMENTS
දැන් ලැයිස්තු කීයක් ඉදිරිපත් කළාද? බාර් ලයිසන් ගෙවල්වලට ගත්තු වන්දි... ජනාධිපති අරමුදලින් ගත්තු මුදල්... මේවා වැරැදි නම් කෝ ක්‍රියාමාර්ග?
කෝ කෝ මේ හොරුන්ට කඩේ ගිය කට්ටිය...? කිසිම ෆන් එකක් නැහැනේ.
ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ ලැයිස්තුව දාන්නේ කවද්ද?
අයවැයෙන් පස්සේ මිල ඉහළ ගිය බඩුවල ලැයිස්තුව කියන්න බැරිද?
රජරට පැත්තේ හිටපු ඇමැතිලත් මේ ලිස්ට් එකට දාගන්න.
නිශාන් අසංක ගුණරත්න, ඔබව සාදරයෙන් පිළිගන්නවා.
පසුගිය සියළුම ආණ්ඩුවලට ගොවීන්ට වෙලාවට පොහොර ටික දී ගන්න බැරිවුණා. ඒ වුණාට දේශපාලකයින්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ටයි, රජයේ ඉඩම් විතරක් නෙමෙයි, කෝටිගණන් සල්ලිත් දීලා. ගමක පාරක් හදාගන්න, ගඟකින්-ඔයකින් එගොඩවෙන්න පාලමක් හදාගන්න රටේ මිනිස්සු දශක ගණන් ලතැවෙනවා..
අසන්න දන්නවා නම් කියන්න කව්ද ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ කියලා? අපේ අල්ලපු ගෙදර හිටපු UNP ආසන සංවිධායකත් අල්ලපු මේ තරහකාරයා මරලා ගිනි තියලා JVP එකට වරද පැටවුවා අන්තිමට අංශභාගේ හැදිලා ඇගෙන්ම තුවාලා හැදිලා විඳවලා මැරුණා. ඒ කාලේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් තිබ්බා නම් JR, ප්‍රේමදාස ආණ්ඩුව වැටෙනවා, රනිල් සීයාත් එල්ලුම්ගහට යනවා.
දැං මේ එලිවෙන වංචාවලට විලිලැජ්ජාව වහගන්න JVP එකට බැන බැන තප්පුලන අම්බරු ඇත්තන්ගෙන් අහන්නේ, මෙච්චර කාලයක් තිබුණු ඔහෙලාගේ ආණ්ඩු තියෙන කාලේ ඒවා හෙව්වේ නැත්තේ මොකද?
ඇයි මේ සමහරු කළබල වෙලා, තවම පෙරහැරේ කසකාරයෝ විතරයි යන්නේ අලි එන්නේ පස්සේ හොදේ !
නිශාන් අසංක ගුණරත්න කියන්නේ කවුද? මම දන්නා කෙනෙක් නෙවෙයි. රජයේ ඉඩම් ගිල්ලා කිව්වාට ඒවා වලින් වැඩ කරලා ප්‍රයෝජනවත් ආර්තික කටයුත්තක් කරනවා නම් එහි වැරැද්ද මොකක්ද? අනික ආණ්ඩුවේ නව ප්‍රතිපත්තියක් තමයි වැඩක් නොගන්නා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට දෙන එක, මට පේන්නේ ආණ්ඩුවේ ඉන්නේ ගොන් බානක් නොවේ, මී හරකෙක් සහ එළ හරකෙක්, ඔවුන් දෙන්නා යන්න හදන්නේ ඔවුන්ගේ ගමන්, ඉතින් ඉදිරියට යාමක් නැහැ...
මිනිස්සු ඔහේලව බලයට ගෙනාවේ ලැයිස්තු එලියට දදා ඉන්න නෙමේ. බටලන්ද කේස් එකත් ඔහේලගේ පෞද්ගලික ආතල් පිණිස මිසක්, පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ඇද්ද එකක් නෙමේනේ... ඔවුන් මිනී මරලා අන්තිමට හොඳ මිනිහත් වෙන්න එනවා. 2000න් පස්සේ කොරෝනා නිසා ඉස්කෝලේ හරියට යන්න බැරි වෙලා අකලට මෝරපු මී හරක් ටික ඕවාට අහුවෙනවා. හැබැයි කාලයක් එනවා ඔවුන්ටත් මොලේ පෑදෙන අයට තේරුණාම ඔබලා බොරු කියලා ඔවුන්ගේ ජීවිතේ අවුරුදු 5ක් නිකන් කෑවා කියලා උඹලාට මොකක් වෙයිද?
කෝ ජීවන බර සැහැල්ලු කරන සැලසුම්? කෝ කඩා වැටුණු ආර්ථිකය ගොඩ නඟන සැලසුම්? කෝ පාතාලේ මර්ධනය කරන සැලසුම්? ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ අන්තිමට ලංකාවෙ අයට උණු වතුර තමයි බොන්න වෙලා තියෙන්නේ අනේ රසයි කිය කියා...
සේදිරිස් ලීලානන්ද ගුණරත්න ඔබවත් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා.
සේදිරිස් ලීලානන්ද ගුණරත්න, ඔයාගෙ කමෙන්ට්ස්වල රතු වැඩියි. ඉක්මනට කොල ටික ඔබාගන්න.
මාලිමාවට බනින අයට - හිටපු අය පුදුම විදිහට හොඳටම කරපු හින්ද නේද ගෙදර එලෙව්වෙ? ඉතින් මාලිමාවෙ අරක නෑ, මේක නෑ කියල ඔයගොල්ලො අර රට නියමෙටම කාපු අයව ලැජ්ජ නැතුව ආයෙත් ඉල්ලනවද ඉතුරු ටිකත් විනාශ කරගන්න? ගිය ආණ්ඩු කරපු වැරදි එක රැයින් හදන්න බැහැ. කොටින්ම කියන්න තියෙන්නෙ හිටපු අය හරියට කෙරුවනම් මාලිමාව දිනන්නෙ නැහැ. ඉතින් රතු, කොල බොත්තම් සෙල්ලම් දැම්මට ඇත්ත බොරුවෙන්නෙවත්, බොරු ඇත්ත වෙන්නෙවත් නෑ. ඒව ළදරු වැඩ. ළදරුවො වගේ හැසිරෙන්නැතුව තමන්ගෙ අයිතීන් අඳුනන සබුද්ධික පුරවැසියන් වගේ හැසිරෙන්න.
ජෙයරාජ්ගේ ඉඩම් ගත්තු විදිහ හොයන්නේ නැද්ද?
කෞශි, ඔයා අපිව පිළිගන්න ඕනෑ නෑ. අපි ලංකාදීප පත්තරෙත් එක්ක ඉන්නේ අවුරුදු 40කටත් කලින් ඉඳන්. ඊයේ උදේ කොමෙන්ට් දාන්න ගත්තු රිලා ආණ්ඩුවේ කට්ටිය එනව අපිව පිලිගන්න. කියන එක තර්කෙකටවත් බුද්ධිමත් උත්තරයක් දීලා නෑ. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට කොමෙන්ට් වලින් ලයික් වලින් විසඳුම් ලැබෙන්නේ නෑ. ජනමතය කෘතීමව මවාපාන ඕගොල්ලන්ට දුවන්න පාරවල් මදි වෙනවා මිනිස්සු විසඳුම් හොයාගෙන එනකොට. ඔය කොයි නායකයත් අපි ගැන බැලුවෙ නෑ, ඔවුන්ගේ අනාගතේ හදා ගත්තා මිසක්. මෙහෙමත් වහල්ලු ඉන්නවානේ මේ රටේ....
ඔය ලිස්ට් එකෙන් වඳුරු සංගනනේ ලැජ්ජාව වහගන්න ටිකක් අමාරුයි හැබැයි. ලිස්ට් එකක් දානකොටම දැන් අපි දන්නවා ආණ්ඩුව මොකකින් හරි හාගෙන ඉන්නෙ කියල. පොල් නැති වුනාම රිලව් ඇල්ලුවා. හාල් නැති උනාම බල්ලො ඇල්ලුවා, ලයිට් ගියාම ආපහු රිලව් ඇල්ලුවා, අධිකරණේ මැද්දෙ වෙඩි තිබ්බම ලිස්ට් එකක් ගෙනාවා. රිලා සංගනනෙදි තව ලිස්ට් එකක් ගෙනාවා
ඕවා මොනවාද, මඩු දේවස්ථානයට විතරක් අක්කර 5000ක් තියෙනවා. ලංකාව පුරා පල්ලි වලට අයිති ඉස්කෝල 400ක් තියෙනවා. ඒවාගේත් අක්කර ගණන් ගත්තාම ලක්ශ ගාණක්. අගරදගුරු යටතේ පාලනය වෙන පොල්වතු තියෙනවා. ලෙල්ලම් තියෙනවා. මේවා මාලිමාවෙ අයට පේන්නේ නැද්ද? කෝටි ගාණක් දවසකට ලැබෙන සල්ලි වලට මොකද වෙන්නේ. අනිත් එක මොන මඟුලකටද මේ ලිස්ට් දදා ඉන්නේ? කෙලින්ම නීතිය ක්‍රියාත්මක කරන්නකෝ. මොකද අපි ඇවිත් අල්ලන්නයෑ.
මාලිමාව ෆේල් කියන එක වහගන්න මඩ බලකාය දඟලන දැඟලිල්ලක්...
මාලිමාව ඇවිත් කරනව කියපුවාගෙන් මොනවද හරියට කරේ. එකම එකක්වත් කරලා නෑනේ. පඩි වැඩි කරනවා කිව්ව මාස 6න් 6ට. අන්තිමට බේසික් වැඩි කරලා ඕටී වලින් කැපුවා. අන්තිමට බලද්දි වැඩි වෙච්චි ගානක් නෑ. තෙල් වලට බදු ගහලද, බදු වලට තෙල් ගහලාද ඇහුවා. රුපියල් 150කින් තෙල් මිල අඩු කරනවා කිව්වා, ලයිට් බිල අඩු කරනවා කියපු එක අඩු කරේ උපයෝගිතා කොමිසමෙන් රනිල්ට පින් සිද්ධ වෙන්න. පාතාලේ නැති කරන ගැටි ටියුශන් දෙන්න බංකුවක් හදාගෙන එන්න කිව්වා. වතුර බිලෙත් තාම අඩුවක් නෑ. මාස 6න් රට ගොඩදානවා කිව්ව විධායකයයි පාර්ලිමේන්තුව හම්බුනොත්. ලක්ෂ 12ට කාර් ගෙනත් දෙන්නන් කිව්වා. දැන් ඇල්ටෝ එකත් ලක්ෂ 75යි. කඩාගෙන වැටිච්චි කර්මාන්ත වලට සත 5ක සහනයක් නෑ. මේවා කිව්වාම කියනවා 2048 කතාවක්. උඹලාට දුන්නේ මාස 6න් ගොඩ ගන්න. බැරි නම් මයික් පැලෙන්න බේගල් අතෑරියේ මොකද? ඔබලා පත් කරලා ඉන්න ඇමැතිලා දිහා බලලා ඔබලාම තීරණය කරන්න මොවුන් රට හදයිද කියලා. තමන්ම රැවටෙන්න හදනවා.
සමන්ත විද්‍යාරත්න කිව්වා නම් ඉතින් බොරු වෙන්න බෑ. කවදාවත් බොරු කියන මිනිස්සු නෙමේ එයාලා. උමා ඔයේ හිල හොයා ගත්තෙත් එයානේ. පක්ෂයම ගත්තත් ජීවිතේට බොරුවක් නොකියපු එකම පක්ෂය. අපි ගරු කරන්න ඕනෑ ඒ වගේ මිනිස්සුන්ට..