
ඊශ්‍රායලයේ නව සන්ධාන රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට පැවරීමට තමන් තීරණය කළ බව ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් පවසයි.
ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වුණු ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානයට හෝ අයිසන්කොට්ගේ විපක්ෂ සන්ධානයට හෝ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවිණි. ඒ අනුව, ඊශ්‍රායල ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව පැවැසෙයි.
නව රජයක් පිහිටුවීම සඳහා අයිසන්කොට්ට දින 28 කාලයක් හිමිවන අතර, අවශ්‍ය වුවහොත් තවත් දින 14 ක අතිරේක කාලයක් ලබා ගැනීමට ද ඔහුට අවස්ථාව ලැබෙයි.
ඊශ්‍රායලයේ හිටපු හමුදාපතිවරයකු ද වන අයිසන්කොට්ට, මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කර ඇත්තේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාතික ආණ්ඩුයක් පිහිටුවීමට කාලය එලැඹී ඇති බවත්, අවශ්‍ය කැපකිරීම්වලට තමන් සූදානම් බවත්ය.
ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ නෙසට් සභාව යනුවෙන් හැඳින්වෙයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්රමුඛ 'ලිකුද්' පක්ෂය ප්රමුඛ සන්ධානයට මෙවර මැතිවරණයේ දී දිනා ගැනීමට හැකි වුයේ ආසන 53 ක් පමණි. අයිසන්කොට්ගේ මධ්‍යස්ථමතධාරී 'යාෂාර්' පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය ආසන 48 ක් දිනා ගත් අතර, අරාබි පක්ෂ එක් වී දිනූ ආසන ගණන 19 කි. ඒ අනුව, නව රජයක් පිහිටුවීම සඳහා රජුන් තනන්නන් බවට පත්ව සිටින්නේ මෙම අරාබි දේශපාලන පක්ෂ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd