
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි' පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
එම ගිණුම්වල තිබූ මිලියන 59ක මුදල උපයා ගත් ආකාරය පිළිබඳව ඔප්පු කිරීම සඳහා යෝෂිත රාජපක්‍ෂ මහතා අසමත්වීම හේතුවෙන් ඒ සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී යෝෂිත රාජපක්‍ෂ මහතා ඔහුගේ මිත්තණිය සමග හවුල් ගිණුමක් වශයෙන් මුදල් තැන්පත් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාවද එම විමර්ශනවල සැකකාරියක් ලෙස නම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ම්ලියන 59 බයියෝ දීපු අදාර වෙන්න බැරිද ?
අනේ අපේ ආච්චිට කරදර කරන්න එපා, එයාට නිදහසේ ඉන්න දෙන්න
කාලකන්නි පවුලක්... රටම බංකොලොත් කරපු විදිහ මේ එකින් එක එලියට එන්නෙ... මුන්ගේ සියලුම දේපල රාජසන්තක කරන්ඩ ඕනැ රටට කරපු අපරාදෙට.. තවත් අති මුන්ට වහල්කම් කරන එවුන්..
මුණුබුරා පොඩ්ඩගෙ කෙරැවාවෙන් ආච්චිට මැණික් කෙසේ වෙතත් හාල් නං ගැරිල තියෙන්නෙ…!
කූඩුවක සිට හෝ ලෝහමය දඬු ගනන් කිරීම ගණිත හැකියාවන් වර්ධනය කිරීමට හේතුවේ. අට වසර පමණක් නොව සාමාන්‍ය පෙළ, උසස් පෙළ පවා සමත් විය හැකිය. උසස් රැකියා සඳහා අයදුම් කිරීමටත් එයින් හැකිවේ.
යෝෂිත " දෙටු-පුත් " වුනේ කවදද? යකෝ ඒකා දෙවැනි පුතා. දෙටු පුත් කියන්නේ ජේෂ්ඨ නොහොත් වැඩිමහල් පුතා කියන එක, ඒකා නාමල් . කෝවේ දාල හරි මේ වගේ අමන මාධ්‍ය වේදියෝ මකවලා හදන්න ඕනෙ.
ඩේසි ආච්චිට දාන්න ඕන එලොව ගමන් තහනමක්!
යෝශිතයි ආච්චියි දෙන්නම නිදහස් වෙනවා තාක්ශනික දෝශ මත.
අනිවාරෙන්ම මුන් කරපු වැරදි වලට දඩුවම් ලැබිය යුතුයි. මුන්ගේ පවුල එකතු වෙලා තමා රට උලා කෑවේ. මුන් හොරාකාපු හැම සතයක්ම නැවත රජයට අයකරගන්න ඕනි අනාගත පරපුර වෙනුවෙන්.
බොරුවට වැඩ. යනවට වඩා ඉක්මනින් එලියට එනවා. කිසිම තේරුමක් නැහැ. පච විතරයි
මේවා වැඩක් නැහැ, හාල් පොල්ම දියල්ලා, රජයට වී ඇටයක් දෙන්නේ නැහැ කියමු.
කොටින්ම කිව්වොත් යහපාලන පාර්ට් 2. එකම තිරපටය නලුවන් පමණක් වෙනස්.
හිඟන්නගේ තුවාල වගේ දේශපාලන වාසි ගන්න, රටේ ප්‍රශ්න යට ගහන්න තියාගෙන හිටිය නඩු සියල්ල ඉක්මනින් එලියට එන එක හොඳයි. ඊට පස්සේවත් තමුන්ගේ වැඩ පෙන්නලා දේශපාලනේ කරන්න පුළුවන්නේ.
මේකෙ ඩිස්ලයික් සහ සමහර කමන්ට් බැලුවම ඒ අයගෙ කැමැත්ත තමයි පොදු දේ උලාකාපු උන් නිදහස් වීම. යහපාලනේ අංක දෙක කියන අයට කියන්න තියෙන්නෙ එහෙම උනත් මුන් හොරා කාපු ඒක ඇත්තක්. පනුවොදාල හරි මැරෙනව. මහජනතාව අපාදුක් විඳිද්දි මුන් ගැලවෙනව කියල හිතන උන් තමයි රටේම ශාපය.
කතාව මතක නම් නඩුවේ මුල්ම දවස්වල යෝෂිතයා ඩේසි ආච්චිව අල්ලලා දීලා පනින්නයි හැදුවේ. පස්සේ ්‍මයි ඉදිරිපත් වුනේ…. අත ගහපු හැම තැනම හොරකමමයි…
තාත්තා සුනාමියට කෙළියා, අම්මා රත්තරං වලට කෙළියා, කපුටු බාප්පි සීයට දහය කියකියා රටටම කෙළියා, ගෝත බාප්පි මිග් එකට කෙළියා, ලොකු කොල්ලා ක්‍රිස් එකට කෙළියා, මද්දුමයා තාජුඩීන්ට කෙළියා, බාල එකා රොකට් එකට කෙළියා… ආච්චි මැණික් මල්ලට කෙළියා…
දූෂිත පව්ල් පාලනේ උන් ඔක්කොම අපේ රටට සාපයක්. නීතියෙන් ගැළවුනත් ජනතාවගේ සාපයෙන්වත් කරපු පාප කර්ම වලින් වත් ගැළවීමක් නැතිවෙයි. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා
ආච්චිට සීයලා ගොඩකින් සල්ලි ලැබෙන්න ඇති..
තවමත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ රටේ ආර්ථිකය වැටුනේ කොවිඩ් නිසා මාස 8ක් රට වහල තිබුන නිසා කියලා. මාලිමා පච ටික තාම කරේ තියන් දුවනව. නිලන්ති කිව්වා උගන්ඩා බොරුව අවබෝධෙන් කියපු බොරුවක් කියලා. එහෙම කියල තියෙද්දිත් පුන්නක්කු කන උන් තාම වෛරය පතුරනවා. ඕව කරලා අවුරුදු 5 ඉවර වෙන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි ප්ලෑන් එක. එතකොට තව අවුරුදු 40ක් විතර වඳුරු සෙල්ලම් බලන්න පුලුවන්.
ඩේසි ආච්චිත් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ අතුරුදහන් වෙන්න හෝ ලසන්ත වික්‍රමතුංග වගේ ගාතනය කරලා කේස් යට ගහන්න බැරි නැති පවුලක්. ආච්චම්මේ ඔයා පරිස්සමින් ඉන්න. වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාකාරී තැනක හැංගෙන්න බලන්න.