
යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය.
යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු වුවහොත්, සෙසු සාමාජික රටවලට සෘජුව මැදිහත් වී, යුක්රේනයට සහාය පළ කරමින් රුසියන් හමුදා සමඟ යුද වැදීම කළ හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් තිස්සේ සැලසුම් කළ ඇමෙරිකානු උපාය කෙමෙන් කෙමෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. ඇමෙරිකානු උගුලේ රුසියාව නොදැනීම පැටලී ඇත. ඇමරිකාවේ ප්ලෑන් A සාර්ථකව අවසන් විය. දැන් ක්‍රියාත්මක වෙන්නේ ප්ලෑන් B, එය අවසන් වන්නේ යුක්‍රේනය යුරෝපා හවුලට එක්වීමෙනි. ප්ලෑන් C හෙවත් තුන්වැනි පියවර යුරෝපය කෙළින්ම සටනට සම්බන්ධ වීම දැනටත් වක්‍රව එය සිදුවෙමින් ඇත... සම්බාධක හරහා. ප්ලෑන් D රුසියාව තුළින්ම පුටින් විරෝධයක් ගොඩනැගීම හා පුටින් පාලනය අවසන් කිරීම් සඳහා දෙකොන ගිනිගත් විලක්කුවක් පුටින්ට බාරදීම... අහෝ ලෝකය කොයිබටද හෙට උපදින පරම්පරාවේ අනාගතය කුමක්ද?