යුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්‍රහණයක් ඊයේ දක්නට ලැබුණි.  පරම්පරාවකට වරක් සිදුවන මෙම සිදුවීම මිලියන ගණනක් ජනතාව දැක බලා ගත්තේය.

එක්සත් රාජධානියේ සිට තාරකා විද්‍යාත්මක සංසිද්ධිය නරඹන අයට අර්ධ ග්‍රහණයක් දර්ශනය වූ්‍ නමුත් ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයේ සමහර ප්‍රදේශවල සම්පූර්ණ ග්‍රහණයක දර්ශනය දක්නට ලැබුණි.

එක්සත් රාජධානිය සහ යුරෝපය පුරා නැරඹුම් ස්ථානවල විශාල ජනකායක් මෙම තාරකා විද්‍යාත්මක සිද්ධියට ප්‍රීති ඝෝෂා නඟමින් ප්‍රතිචාර දැක්වූ අතර, තාරකා විද්‍යා ලෝලීන් පැවසුවේ එය විශ්වය කෙතරම් "විස්මිත" දැයි මතක් කිරීමක්  කළ බවයි.