(ගයාන් සූරියආරච්චි සහ සරත් චින්තක)
වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35, ග්‍රෑම් 522ක්, හෙරොයින් ග්‍රෑම් 622ක් සහ අයිස් ග්‍රෑම් 10 ක සහ මිලිග්‍රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා අවුරුදු (34) සහ ඔහුගේ බිරිය අවුරුදු (30) වන ආදුරුප්පු වීදියේ පදිංචි අයවලුන් බව පොලිසිය පවසයි.
සැකකාර යුවළ මීට මාසයකට පෙර ආදුරුප්පු වීදියේ සිට වත්තල ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරිහු එක්ව මෙම වැටලීම සිදු කළහ.
කැලණිය කොට්ඨාස භාර i ජෙෂ්ඨ පොලිස් අධිකාරී වයිබී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය දිස්ත්‍රික් i බාර පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, වැඩ බලන ස්ථානාධිපති අසේල පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (10524) මදුශංක, (33281) සුමිත්, කාන්තා පොලිස් කොස්තාපල් (13278) වත්සලා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම
සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ
මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද
මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුක්තියට කුඩු කිලෝ 35 වත්තලින් අසුවේ
Prabha Monday, 18 December 2023 01:37 AM
ඔයා පොලිස්පති පුටුව බලන් කරන වැඩ මීට කලින් කරන්න බැරි උනේ මොකද ?මීට කලිනුත් බස්නාහිර භාරව නේද හිටියේ ?
sam Monday, 18 December 2023 02:07 AM
"හෑෂ්" කිලෝ තිස්පහ "කුඩු" කියලා හඳුන්වලා තියෙන්නේ දේශබන්දුව බේරා ගන්න වෙන්න ඇති!
Akila Monday, 18 December 2023 07:17 AM
දැන් මේ වැඩ බලන පොලිස්පති නේද මෙච්චර දවසක් බස්නාහිර පළාත බාරව හිටියේ ? ඇයි ඒ කාලේ මේව කරන්නේ නැතිව බස්නාහිර මෙච්චර අපරාද වර්දනය වෙන්න දුන්නේ ?
මැක්ස් Monday, 18 December 2023 09:02 AM
පින් අයිති වන වැඩ!