IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි

ජාතික තරුණ සේවා සභාවත්, යෙවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් රේසිං පාපැදි තරගය අද (8) පෙරවරු 8.30 ට මඩකළපුව පුස්තකාලය අසළින් ඇරැඹෙයි. කිලෝමීටර 365 ක දුරකින් යුත් රේසිං පාපැදි තරගය අදියර තුනකින් ක‍්‍රියාත්මකවේ. රේසිං පාපැදි තරගයේ පළමු අදියර අද මඩකළපුවෙන් ආරම්භ වී කාන්තන්කුඩි, පදිරිප්පු, කල්මුනේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලේවෙල හරහා සියඹලාණ්ඩුව නගරයෙන් අවසන් වේ. හෙට (9 වැනිදා) සියඹලාණ්ඩු නගරයෙන් ආරම්භවන දෙවැනි අදියර කොඩයාන, මොණරාගල, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලූණුගම්වෙහෙර හරහා තිස්සමහරාමයෙන් නිමාවේ. තිස්සමහරාම නගරයෙන් 10 වැනිදා ආරම්භවන අවසන් අදියරේදී තරගකරුවෝ මිරිජ්ජවිල, අම්බලන්තොට, නෝනාගම, රන්න, තංගල්ල, දික්වැල්ල නගර ඔස්සේ මාතර සනත් ජයසුරිය ක‍්‍රීඩාංගණය අසළින් තරගය අවසන් කරති. රේසිං පාපැදි තරගයට සමගාමීව පැවැත්වෙන ස්ටෑන්ඩර්ඞ් පාපැදි තරගයේ දුර කිලෝමීටර 125.4 කි. මඩකලපුව පුස්තකාලය ඉදිරිපිටින් ආරම්භ වන තරගය මඩකළපුව, කාන්තන්කුඩි, පදිරිප්පු, කල්මුනේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලේවෙල හරහා සියඹලාණ්ඩු නගරයෙන් අවසන්වේ. රේසිං තරගයේ ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය සඳහා තරගකරුවන් 120 කට ආසන්න සංඛ්‍යාවක්ද, ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයට තරගකරුවන් 300 කට වැඩි පිරිසක් ද ඉදිරිපත්ව සිටින බව සංවිධායක කමිටුව පවසයි. රේසිං තරගයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා තරගකරුට රුපියල් ලක්‍ෂ තුනක් ද, තෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂ දෙකක් ද පිරිනැමේ. 25 වැනි ස්ථානය දක්වා තරගය නිම කරන තරගකරුවන්ට මුදලින් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. අදියර ජයග‍්‍රහකයන්ට සහ කණ්ඩායම් ජයග‍්‍රහකයන්ට ද වටිනා ත්‍යාග පිරිනැමේ. ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ශූරයාට රුපියල් 100,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 50,000 ක් ලෙස 25 වැනි ස්ථානයට තරගය නිම කරන ධාවකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ. රේසිං සහ ස්ටෑන්ඩර්ඩ් තරගදෙකේ පළමු ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා තරගකරුවන්ට හිමි ත්‍යාග මෙම 11 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ක‍්‍රීඩාංගණයේදී පිරිනැමීමට නියමිතය.



අදහස් (0)

යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site