කොටි සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයකට ලක් කරමින් යුරෝපා සංගම් අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කළ බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යුරෝපා අධිකරණ තීන්දුව මගින් යුරෝපා සංගමය කොටි සංවිධානයට එරෙහිව පැනවු ඇතැම් සම්බාධක අවලංගු වී ඇති බව අභියාචනයේ සඳහන් බව යුරෝපා සංගම් තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
යුරෝපා අධිකරණය විසින් කොටි සංවිධානයට එරෙහිව පැනැවුණු සම්බාධක අභියෝගයට ලක් කරමින් හිතකර පරිදි තීන්දුවක් ගබා දී ඇති බවද එහි සදහන්වේ.
කොටි සංවිධානයට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබු සම්බාධක ඉවත් කරමින් යුරෝපා සංගම් අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඉකුත් ඔක්තෝබර 16 වැනිදාය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපා අධිකරණ තීන්දුවට ඇපෑලක්
නන්දිමිත්‍ර Tuesday, 02 December 2014 01:34 PM
ජී.එල්. මුකුත් කරන්න බෑ කියද්දී, ඉල්ලීම කළ රනිල් මහතාට තුති. (ස)
ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 03 December 2014 07:51 AM
දේශපාලන ඕපාදූප වලට ඉතා උනන්දුවෙන් අදහස් දක්වන උදවිය මේ සම්බන්ධව අදහස් දැක්වීමට උනන්දු නැහැ වගේ (නි)
සිල්වා Tuesday, 02 December 2014 02:55 PM
අස්වයා ගියාම දොර වසාගෙන හුල්ලනවා. පටු දේශපාලන වාසි ගන්න රට උගස් කරන මේ ආණ්ඩුවට දිට්ට දම්ම වේදනීය කර්මය පඩිසන් දී ඇත. මේ මගඩි වැඩ වලින් ජනතාව මුලාකිරීමට බැරි අද සිටින ජනතාව සිතන්නේ ඔබලාට වඩා ඉදිරියෙන්. මොකද ජනතාව හොදින් බැට කෑ ඇත හැම දෙයකින්ම.(නදී)
මොහාන් Wednesday, 03 December 2014 04:04 AM
එයාලට ඕනෑ විදිහට වැඩකරන ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ. (නි)
ගුණේ Wednesday, 03 December 2014 05:20 AM
විදේශ අමාත්‍ය අංශය නින්දෙන් නැගිටලා !(නදී)
රාජා Tuesday, 02 December 2014 10:29 PM
මෙන්න ඉතා අවශ්‍ය දෙයක්. රට බේරාගන්න ඕනෑ කවුරුත් මුළු හිතින්ම මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න. දේශපාලනය කරන්නත්, ගහමරා ගන්නත්, වේදිකාවල බය නැතුව කෑගහන්නත් අපිට ශ්‍රී ලංකාව නමින් රටක් ඕනෑ. (නි)