IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


යාපන සිසුන් දෙන්නාගේ පවුල්වලට නිවාස

පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට රජයේ වියදමින් නිවාස පිරිනමන බවත් එම සිසුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනකු රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවත් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා සහතික වී ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ නඩරාජා කජන් සහ විජයකුමාර් සුලක්‍ෂන් යන සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් එම සිසුන් දෙදෙනාගේ දෙමාපියන් සහ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් යාපන සරසවියේ දී හමුවී කළ සාකච්ඡාවක දී ඇමැති මෙසේ පැවසීය.

මෛතී‍්‍රපාල සිරිසේන ජනපති  උපදෙස් මත මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි පිරිනැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සිටින බවද ස්වාමිනාදන් මහතා මෙහිදී සදහන් කර ඇත.



අදහස් (0)

යාපන සිසුන් දෙන්නාගේ පවුල්වලට නිවාස

රත්නමාලා Tuesday, 22 November 2016 09:59 PM

මෙච්චරකල් එතකොට මෙයාලා ඉඳලා තියෙන්නේ කොහේද? (නි)

:       0       0

නිලන්ති Tuesday, 22 November 2016 11:04 PM

බස් වල, ප්‍රසිද්ධ ස්ථානවල ත්‍රස්තයන් පුපුරවපු බෝම්බ වලට හානිසිදු වූ අයත් ඉන්නවා. ඒ අය ගැනත් බැලුවා නම්.... එහෙම නැත්නම් ප්‍රා, කළු බළල්ලු, කොළ බළල්ලු මරපු තරුණයන්ගේ අසරණ වුණ පවුල් දහස් ගණන් ඉන්නවා. ඒ අය ගැනත් මෙහෙම බැලුවා නම්.... අඩුමගානේ අර ඇඹිලිපිටියේ මියගිය පුද්ගලයාගේ අසරණ පවුල දිහාත් බැලුවා නම්.... අන්න සාධාරණය දකින්න තිබුණා (නි)

:       0       0

සොපි Wednesday, 23 November 2016 02:19 AM

මේ විදියට තව කී දෙනෙකුට වුණාද? එහෙනම් ඒ අයටත් සළකන්න. (නි)

:       0       0

සුසිල් Wednesday, 23 November 2016 02:32 AM

සාජන් නල්ලතම්බිගෙ ගෙදර අයටත් ගෙයක් දෙමුද? එයත් වෙඩි කෑවේ පොලිස් අණ නොතකා ගිහින් නේද. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 22 November 2016 02:28 PM

කරන්න හදන දේ නම් හොඳයි.(හේ)

:       0       0

සත්‍යයා Wednesday, 23 November 2016 03:45 AM

මේ තරුණයන් දෙදෙනා පමණක් නොවෙයි ලක් මෑණිගේ කිසිම දරුවෙක් අකාලයේ මිය යායුතු නැහැ. නමුත් ඒ තරුණයන් දෙදෙනා හැසිරී තිබුනේ වෙනත් අම්ම කෙනෙකුගේ දරුවන් ලෙසයි. ආරක්ෂක අංශවල සාමාජිකයින් සමච්චලයට ලක්වෙන පරිදි වෙට්ටු දමමින් මැදියම් රෑ අණ නොතකමින් ආරක්ෂක කපොලු පසු කරයන්න ඔවුන්ව පෙලඹවූ පිරිසක් ඇත්ද කියා සොයා බැලිය යුතුයි. (බ)

:       0       0

පේදුරු Wednesday, 23 November 2016 04:02 AM

ලජ්ජයි රජය ගෙන. දෙමල්ලුන්ට ඕන දෙයක්. සිංහලින්ට මුකුත් නෑ උන්ට එක නීතියක් අපිට වෙන නීතියක්. මේවට කට වහගෙන ඉන්න එකයි වැරැද්ද (බ)

:       0       0

අනිල් Tuesday, 22 November 2016 03:47 PM

එහෙම කොහොමද සුදුසුකම් නැතුව රැකියා දෙන්නේ? ගෙවල් දීම හොඳයි, හැබැයි ඔය විදියටම රටේ අනිත් පළාත්වල අසදරණයට ලක් වෙන අයටත් ගෙවල් දෙනවද? අපිනම් ඒ වගක් දැක්කේ නෑ හැබැයි. (හේ)

:       0       0

රුවන් Wednesday, 23 November 2016 04:31 AM

පොලිසියෙන් කළ වෑරෑද්දක් ගෙයක් දීලා වහන්න පුලුවන්ද මේකද අපේ රටේ නීතිය (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 November 2016 04:33 AM

මේවා සන්තෝසම් . වපුරපු කුණු හොදගන්නත් එපැයි! (බ)

:       0       0

නිමල් ලලිත Tuesday, 22 November 2016 04:24 PM

එතකොට කොටින් අතින් මැරුම් කෑ සිංහල පවුල් වලට, 80 දශකයේ අගබාගයේ බටලන්ද පැත්තේ මැරුම් කෑ සිංහල කොල්ලන්ගේ, කෙල්ලන්ගේ පවුල් වලට මේ සහනය නැද්ද. (නි)

:       0       0

සහන් Tuesday, 22 November 2016 05:52 PM

එතකොට අර ඇඹිලිපිටියේ මියගිය සුමිත් ප්‍රසන්නගේ දරුවෝ? ඒවා පෙනෙන්නේ නැද්ද. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 22 November 2016 08:23 PM

යකෝ මේක පුදුම වැඩක්නේ. ඔය විදියටම රටේ අනිත් පළාත්වල අසාධාරණයට ලක්වෙන අයටත් ගෙවල් දෙනවා තියා නඩුත් නැත. අනේ සිංහලයට ගිය කල! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site