IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාපනයේ තුන්දහසක් සව් දිය පුරති

ඉරිදා (06)  වැනි දින සන්ධ්‍යාවේ යාපනය දොරෙඅප්පා  ක්‍රිඩාංගණයට රැස්වු  ක්‍රිකට් ලෝලීන්  පිරිසක් ටී 20 ලෝක කුසලාන අවසාන  තරඟයෙන්  ශ්‍රී ලංකා පිළ  ලැබු ජයග්‍රහණය අභිමානයෙන් සැමරූහ.

විවිධ වයස්වල 3000 කට ආසන්න පිරිසක්  ක්‍රිඩාංගණයට රැස් වු අතර  ශ්‍රී ලංකා යුද හමුදාවේ  තුන්වැනි  සංඥා බළකාය ලොකු රූපවාහිනියක්  ක්‍රිඩාංගණයේ සවි කැර තිබිණි.

ජාතික ධජය ළෙලවමින් ,අත්පොළසන් දෙමින් ,ගයමින්,හා නටමින් ඔවුහු ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ සැමැරූහ.

 



අදහස් (0)

යාපනයේ තුන්දහසක් සව් දිය පුරති

රන්ජනී ලන්ඩන් Monday, 07 April 2014 08:25 PM

නියම ක්‍රීඩාලෝලීන් තුළ මොන ජාති බේදයක්වත් නැහැ. එංගලන්තයේ දෙමළ කඩවල් පවා වසා දමා තරඟය බැලුව අය ඉන්නවා.හරි සන්තෝෂයක් අපිට (නි)

:       0       0

ලලී Monday, 07 April 2014 08:28 PM

මේ සමගිය රැකගැනීමට ආණ්ඩුව වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. (නි)

:       0       0

චානක. Monday, 07 April 2014 08:46 PM

බඩු මිල ඉහළ දාපු ගමන් සව් දිය ලෝ දිය වේවි. (නි)

:       0       0

මිස්ට බී Monday, 07 April 2014 08:47 PM

හොඳම වැඩේ තමයි මෙහෙම අපේ කණ්ඩායමට ජය පැතුවේ ඉන්දියාවේ තමිල්නාඩුවේ උවමනා මත අපේ රටෙන් කොටසක් ගන්න සටන් කළ ජාතියක වර්තමානික නියෝජනය වීම. ඒ අය අපිට වෛර කරන්නෙත් නැත්තම් ඇයි අපි එයාලා ගැන වපර ඇහෙන් බලන්නේ?කොහොම වුණත් ජයලලිතා මේකත් ලංකා විරෝධී ඉන්දියානු බලවේග අවුස්සන්න තුරුම්පුවක් කරගන්න එක නම් සිද්ධවෙයි. (නි)

:       0       0

ලිලන්ත Monday, 07 April 2014 09:05 PM

යාපනයේ ජනයා කවදත් ඉන්දියානු පාක්ෂිකයන් නොවේ. (නි)

:       0       0

ගම්ලත් Monday, 07 April 2014 09:46 PM

ජයවේවා......ජයවේවා...... ජිවිතයේ අහපු හොදම පුවත (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 07 April 2014 05:17 PM

ඉතාම සන්තෝෂයි. ගිනිගත් උතුරේ සිටින අපේම සහෝදර රටවැසියන් අද සැනසීමෙන් ඉන්නවා දකින්න ලැබීම. කොතෙකුත් අඩුපාඩු තිබුනත් ජීවිතය ජයගන්න වෙරදරන ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාරි Monday, 07 April 2014 05:23 PM

මේ අපේ මාතෘ භූමියයි.... නිදහසේ ස්වර්ණ රාජ්‍යයයි... (නි)

:       0       0

සම්පත් Monday, 07 April 2014 05:35 PM

ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

රොමැක්ස් Monday, 07 April 2014 06:12 PM

මේ උතුරේ ජනතාවගේ මුහුණේ තිබෙන සන්තෝෂය.... දකින්නත් සන්තෝසේ බැහැ... (නි)

:       0       0

ෂාෆික් Monday, 07 April 2014 06:16 PM

හොඳ වැඩක් (නි)

:       0       0

රෝයි Monday, 07 April 2014 06:30 PM

මම වැඩ කරන තැන දෙමළ අය ඉන්නවා. එතන දෙමළ කට්ටියට ලංකාව දිනුවට ගොඩක් දුකයි, ඉන්දියාවේ කට්ටියට වඩා. (නි)

:       0       0

නිශ්ශංක Monday, 07 April 2014 06:39 PM

මම නම් අහලා තියෙන විදියට එහේ ඉන්නේ ඔක්කෝම වගේ ඉන්දියාවට සපෝර්ට් කරන අය (නි)

:       0       0

ඉන්දික Monday, 07 April 2014 07:20 PM

පිල්ලේ හදන්නේ මේ තියෙන සාමය සමගිය නැතිකරන්න. මේවා ඒගොල්ලන්ට පෙන්නන්න ඕනෑ,ඒ ගොල්ලෝ කියන තරම් ප්‍රශ්නයක් මෙහෙ නැහැ කියලා. (නි)

:       0       0

බණ්ඩි Monday, 07 April 2014 07:26 PM

අපෝ නැහැ නිශ්ශංක මහත්තයෝ. ඒ මිනිස්සු අපි ගැන හිතන්නෙත් ඔහොම තමයි.අවුරුදු 20 ක් අපි එයාලා වපර ඇහින් එකිනෙකා දිහා බැලුව නිසයි එහෙම හිතෙන්නේ. මම යාපනයට ගියේ 1975. අපට සැළකුවේ දෙයියන්ට වගේ. හැබැයි යාපනේ පොළේ හිටි සිංහල මුදලාලිලා අපේ තුට්ටු දෙක කඩා ගන්නේ කොහොමද කියලයි බැලුවේ. දෙමළ මිනිස්සු අපිට ගොඩක් හොඳට සැළකුවා. සමහර කඩ වලින් කාපුවට සල්ලි ගත්තෙත් නැහැ. (නි)

:       0       0

ෂා Monday, 07 April 2014 07:46 PM

මං සිංහල. මගේ ගම කොළඹ. එහෙත් මේ මිනිස්සු මේක සමරපු හැටි දැක්කම මට දැනුනේ මං ඉන්නේ කොළඹ කියලා.කවුරුත් කියන දේ අහලා මිනිස්සු මනින්න එපා.ඒ මිනිස්සුත් එක්ක ටිකක් ඉඳලා බලන්න. (නි)

:       0       0

සරත් Monday, 07 April 2014 07:59 PM

අපිට ඕනෑ යාපනයේ කොල්ලෙක් ලංකා කණ්ඩායමට. එතකොට තව හොඳ වෙයි.ඔය මුරලි ,ඇන්ජලෝ ,රසල් හිටියේ යස අගේට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site