IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට එන්නත දෙන්න සටන් විරාමයක් ඉල්ලයි

 

ලොවපුරා යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට කොරෝනා එන්නත ලබාදීම සඳහා තාවකාලික සටන් විරාමයක් අරඹන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා අදාල රටවලින් ඉල්ලා තිබේ.

විදේශ ලේකම්වරයා අවධාරණය කරන්නේ, එන්නත් කිරීම සිදු නොකරන ප්‍රදේශ වල කොවිඩ් - 19 නව ප්‍රබේද ව්‍යාප්ත වීමේ අවදානමක් ද ඇති බවයි.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී රාබ් මහතා මේ බව පවසා ඇත.

මෙම සටන් විරාම යෝජනාවට එකඟ වන ලෙසත් වඩාත් අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලැබීම සහකිත කිරීමට සහාය වන ලෙසත් රාබ් මහතා සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ඉතියෝපියාව ඇතුළු යුධ ගැටුම් පවතින රටවල් ගනනාවක මිලියන 160කට අධික ජනතාවක් එන්නත් වලින් බැහැර වීමේ අවදානමක් පවතින බවයි.

"කොරෝනා වයිරසය පරාජය කිරීම සඳහා ගෝලීය එන්නත් ආවරණයක් අත්‍යාවශ්‍ය වේ. කොවිඩ් - 19 එන්නත ගැටුම් පවතින කළාප වල ජනතාව වෙත ලඟාවීමට ඉඩ සලසන එන්නත් සටන් විරාමයක් එක්සත් රාජධානිය ඉල්ලා සිටින්නේ ඒ නිසාය. අපට එලෙස කිරීමට සදාචාරාත්මක යුතුකමක් තිබේ. මෙම වයිරසය පරාජය කිරීමට එකමුතු වීමේ උපායමාර්ගික අවශ්‍යතාවයක් ඇත." යනුවෙන් රාබ් මහතා පවසයි.

(ඩේලි මේල් ඇසුරිණි)

085



අදහස් (1)

යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට එන්නත දෙන්න සටන් විරාමයක් ඉල්ලයි

JANABALA ASAMAGI Wednesday, 17 February 2021 01:02 PM

අවශ්‍ය නැහැ.. මේ අය බෙහෙත් විදගෙන මරාගන්න හදන්නේ... ඕනෙම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 940 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site