IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


යුගයක නිමාව සහ නව යුගයක ඇරැඹුම

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් අද (15) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස 51 හැවිරිදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් තේරී පත්වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉල්ලා අසුවූ පසු තමාගේ කැබිනට්ටුවේ ලී සියෙන් ලූනග් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් පැවැසුවේය.

ලෝරන්ස් වොන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉගෙනමු ලැබූ ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ඔහු සිංගප්පූරුවේ සිව් වැනි අග්‍රාමාත්‍යවරයාද වනු ඇත.එසේම ඔහු සිංගප්පූරු නගර රාජ්‍ය 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු උපත ලද ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වේ.වොන්ග් ලී පවුලේ සාමාජිකයෙකු නොවන දෙවන නායකයාද වන අතර ඔහු අද(15) රාත්‍රියේ පැවැත්වෙන උත්සවයකදී සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමට නියමිතය.

ජීවන වියදම, අසමානතාවය සහ සංක්‍රමණ පිළිබඳ ගැටලු වැඩිවෙමින් පවතින අවස්ථාවක නගර රාජ්‍ය බාර ගන්නා වොන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 16ක් වනු ඇති බව පැවැසෙයි.

අග්‍රාමාත්‍ය ලී ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජා ඉයන් චොන්ග් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය ලී සිංගප්පූරුව ඉහළටම රැගෙන ආවත් ඔහු දන්නා ලෝකය අවසන් වෙමින් පවතින බැවින් ඉල්ලා අස්වීමට ගත් තීරණය ඉතාමත් සුදුසු තීරණයක් බවයි.

 



අදහස් (4)

යුගයක නිමාව සහ නව යුගයක ඇරැඹුම

SAM Wednesday, 15 May 2024 05:50 PM

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් අගමැතිවරයා සමග සකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන් සහභාගි වී තිබිණි. එම මාධ්‍ය සාකච්ඡාවේදී දේශපාලන, ආර්ථික, ගෝලීය දේශපාලනය, ජනවාර්ගික, විදෙස් සබඳවයන් පමණක් නොව බොහෝ කරුණු පිළිබඳව මාධ්‍ය වේදීන්ට අගමැතිවරයාගෙන් අසන්නට අවස්ථාව ලැබිණි. එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍ය වේදීන්ගේ හැසිරීම, සහ ප්‍රශ්න කිරීමේ විලාශයන් අධ්‍යයනය කළහොත් ලංකාවේ මාධ්‍ය වේදීන්ට මාධ්‍ය කලාව පිළිබඳව පමණක් නොව මාධ්‍යවේදියකු ගේ හැසිරීම, ප්‍රශ්න කිරීමේ විලාශයන් පිළිබඳවත් යම් දැනුමක් ලබාගැනීමට හැකියාව ඇත...!

:       0       35

පිටරටවැසියා Wednesday, 15 May 2024 05:58 PM

මේ අගමැති වයස 72දී රටේ අනාගතය ගැන හිතලා ඉල්ලා අස්වෙලා තමන්ට වඩා තරුණ නායකත්වයකට රට බාරදෙනවා. ලංකාවේ ගෙදර ඇරපු අය නීති හිඩැස් වලින් රිංගලා පස්ස දොරෙන් ඇවිත්, ඊළඟ වතාවටත් මාන බලනවා.

:       3       32

sirisena Wednesday, 15 May 2024 11:45 PM

මම තරුණයි කියමින් වේදිකාවේ රගපාන තරුණ නායකත්වයකට රට බාරදෙන්න එන්නකිවම ඒ තරුණ නායකයා සැගවුනා,

:       0       6

Perera Wednesday, 15 May 2024 10:58 PM

නොදියුණු රටවල් වල ඔහොම තමයි .ඕකුන් බලයේ එල්ලිලා ඉන්න දන්නේ නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රධාන මාර්ගය දුම්රිය අදත් ප්‍රමාදයි
2024 මැයි මස 29 14 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරි


කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි
2024 මැයි මස 29 81 0

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අ


රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට
2024 මැයි මස 29 136 0

කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධය


වැසි සුළං අඩු නොවන හැඩ
2024 මැයි මස 29 63 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බියගමට රෝහල් දෙකක්
2024 මැයි මස 29 153 0

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
2024 මැයි මස 29 493 0

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site