( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර ඇත. 

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර අතර ඔවුන්ගේ මවුපියෝ කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ලංකාදීපයට පැවසීය.